දිවයින පුරා සියලුම ගුරුවරුන්ට සහ අනධ්‍යයන මණ්ඩල වලට සුභ ආරංචියක්...

School teacher Education department Covid vaccines Exam department
By Aruna Jul 12, 2021 05:20 AM GMT
Report

අද සිට දිවයින පුරා ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල වෙත කොවිඩ් මර්දන එන්නත් දිවයින පුරා සියලු පාසල්වල ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල වෙත කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ අද (12) ආරම්භ වනවා.

එම වැඩපිළිවෙළ සති දෙකක පමණ කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ යටතේ පාසල්වල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් 279,000 පමණ එන්නත් ලබාදීමට නියමිතයි.

ඊට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව සහ විශ්වවිද්‍යා ප්‍රතිපාදන කොමිසන් සභාවේ නිලධාරීන්ට සහ සේවකයන්ටද කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.

You may like this video


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now