එන්තන විදින්න මාතරට දහස් ගණනින් රැස්වෙයි.(VIDEO) කිලෝමීටර් ගානක විශාල පෝලිමක්..

Covid Vaccines Mathara Mahinda Rajapakshe school
By Aruna Jul 05, 2021 09:44 AM GMT
Report

කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අද දිනයේ දිවයිනේ දිස්ත්‍රික් 14ක, ස්ථාන 67ක ක්‍රියාත්මක කරයි.

එහිදී අද දිනයේ මෙම එන්නත් ලබාගැනීම සදහා විවිධ ප්‍රදේශ වල දිගු පෝලිම් දක්නට ලැබෙන බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

මේ අතර අද උදෑසන සිට මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පැවති එන්නත්කරණ වැඩ සටහන සදහා විශාල පිරිසක් පැමිණ සිටින අයුරු දකින්නට ලැබුණා.

අප වාර්තා කරුවන් පැවසුවේ, එන්නත ලබා ගැනීමට පැමිණි ජනතාව කිලෝමීටර් ගණනක් දිගු පෝලිම් වල රස්තියාදු වෙමින් දැඩි අපහසුතාවයට පත්වී සිටින අයුරු දකින්නට ලැබුණු බවයි.

මේ එලෙස දැඩි අපහසුතාවයට පත්වෙමින් දිගු පෝලිමි වල සිටි ජනතාවගෙන් පිරිසක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now