කොවිඩ් එන්නත් දෙකම ගත්ත අය ඩිජිටල් හැදුනුම්පත ගන්න විදිය මෙන්න.

Sri Lanka Pfizer vaccines Covid vaccines Synofarm vaccines Covid vaccines digital identity card
By Aruna Sep 30, 2021 02:38 AM GMT
Aruna

Aruna

Report

ඩිජිටල් එන්නත්කරණ කාඩ්පත ගන්න කතාකරන්න කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන්ට ඩිජිටල් එන්නත්කරණ කාඩ්පත ලබාදීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව කෙටි දුරකථන අංකයක් හඳුන්වා දී ඇත.

ඒ අනුව ‘1945’ දුරකථන අංකය අමතා ඩිජිටල් එන්නත් කාඩ්පත ලබා ගැනීමට අවශ්‍ය තොරතුරු ලබාදිය හැකිය.

මෙම තොරතුරු රැස් කිරීමෙන් අනතුරුව ඉදිරියේදී රජය මෙම එන්නත් කාඩ්පත ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

මේ අතර වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත ලබාදීමට අනුමැතිය ලැබුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, අසේල ගුණවර්ධන මහතා පවසයි.

එසේම වයස අවුරුදු 30ත් – 60ත් අතර පිළිකා සහ වකුගඩු ආබාධවලින් පෙළෙන පුද්ගලයින් ට, සෞඛ්‍ය අංශ සේවකයින්ට හා ඉදිරිපෙළ අනෙකුත් සේවකයින් සඳහා ද තෙවැනි එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමට තීරණය කර තිබේ.

ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාවරයා මේ බව පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha