08 සහ 09 මාස වල රට පුරා මිනී කඳු...රට වහාම වහන්නයි අනතුරු අඟවයි(VIDEO) ...
Covid
Sri Lanka
Corona death
GMO
Abayaramaya
By Aruna
පවතින වසංගත ව්‍යාප්තිය හමුවේ රට හුදෙකලා කිරීමක් සිදු නොකළ හොත් ගෝස්තු සැප්තැම්බර් මාස වන විට මිනී කඳු රට පුරා ගොඩගැසුණු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.
එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරන්නේ පවතින වසංගත තත්ත්වය මත තවත් සති 3කට වත් රට තුළ දැඩි සංචරණ සීමා පැනවිය යුතු බවයි.
වසංගත ව්‍යාප්තිය ට මුවා වී ඇතැම් වෘත්තීය සමිති තම ධූර කාල දීර්ඝ කර ගැනීමට කටයුතු කරමින් ඇති බවත් එය වැරැදි පූර්වාදර්ශයක් බවත් ඒ මහතා කියා සිටී.
ඔහු මෙම අදහස් පළ කළේ නාරාහෙන්පිට අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
මේ අතර අද සහ ඉදිරි දින වල ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පල කලා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....Join now |