පොලිස් ජීප් රථයෙන් බිමට පැන්න පුද්ගලයා - (CCTV)

Covid
By Sithumi Jun 07, 2021 11:05 AM GMT
Sithumi

Sithumi

Report

ධාවනය වෙමින් තිබූ පොලිස් ජීප් රථයෙන් බිමට පැන මරණයට පත්වූ පුද්ගලයා එම අනතුරට ලක්වන අයුරු අසල සවිකර තිබු CCTV කැමරාවක සටහන්ව තිබේ.

අදාළ රථය පානදුර උතුර පොලීසියට අයත් ජීප් රථයක් වන අතර ඊයේ (06) උදෑසන සංචරණ සීමා කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පුද්ගලයාව පොලීසියට රැගෙන එන අතරතුර එම සිද්ධිය ඇතිව තිබුණි. ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තපොළ ප්‍රදේශයේදීය.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අදාළ රථයේ ගමන් කළ උප පොලිස් පරීක්ෂකවරයාගේ සහ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර තිබේ. උප පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් සැරයන්වරයා පවසා ඇත්තේ අදාළ සැකකරු ජීප් රථයේ පිටුපස දොර විවෘත කරගෙන ධාවනය වූ ජීප් රථයෙන් බිමට පැනීම නිසා තුවාල සිදුවූ බවය.

පසුව පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අදාළ පුද්ගලයාට අධිකරණය විසින් ඇප ලබාදීමද සිදුකර තිබුණි. එසේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා ඊයේ සවස 6.30ට පමණ මියගොස් තිබේ. මියගොස් ඇත්තේ 42 හැවිරිදි අයෙකි.

වීඩියෝව පහතින්,