ළමා නිවාසයකින් කොවිඩ් ආසාදිතයන් 23 ක් හමුවෙයි
sri lanka
Corona virus
Covid 19
By Sithumi
මඩකලපුව, කලවන්චිකුඩි පොලිස් වසමේ කළුතාවලෙයි ප්‍රදේශයේ ළමා නිවාසයක ළමුන් 23කට කොරෝනා ආසදනය වී තිබේ.
ළමා නිවාසයේ ළමුන් 33 දෙනෙකුට සිදුකර තිබූ ඇන්ටිජන් පරීක්ෂණවලින් ඒ බව තහවුරු වූ බව මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්. මයුරන් මහතා පැවසීය.
ඒ අනුව පවතින අවදානම සලකා ළමා නිවාසය තාවකාලිකව වසා දමා පිරිස නිරෝධායනයට යොමුකර තිබේ.
ළමා නිවාසයේ දරුවන් පිරිසකට උණ පැවතීම හේතුවෙන් කලවන්චිකුඩි රෝහලේදී සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිත බවට ප්‍රථමයෙන් හඳුනාගෙන තිබේ.
ඊට අමතරව ළමා නිවාසයේ එක් සේවකයෙකුටද කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන ඇත.