කොරෝනා ආසාදිත තිදරු ගැබිණි මව දරුවා බිහිකර අවසන් ගමන් යයි..

Covid Corona Pregnant women Death
By Aruna Aug 18, 2021 06:56 AM GMT
Aruna

Aruna

Report

දරුවා ප්‍රසූත කිරීම සඳහා ගම්පහ රෝහලට ඇතුළත්ව සිටි කොරෝනා ආසාදිත 33 හැවිරිදි මවක දරුවා බිහිකර දින හයකට පසුව මිය ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි මවක මෙසේ මරණයට පත්ව ඇත.

මියගිය තිදරු මව ඉකුත් 11 වැනිදින දරු ප්‍රසූතිය සදහා රෝහලට ඇතුළත් වන විට උණ , සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් ඇය කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා පැවැසීය.

ඇයට කොරෝනා රෝග තත්ත්වය උත්සන්න වීම නිසා සිසේරියන් සැත්කමකින් දරුවා ලබා ගත් බවත් ඊට දින පහකට පසු අද දින එම මව මිය ගිය බවත් අධ්‍යක්ෂ වරයා සදහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha