පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් නිරෝධායනයට

covid infections Covid pations parliment covid
By Sithumi May 24, 2021 02:38 PM GMT
Report

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුව ඇති බව වාර්තා වේ. ඒ, දැනට කොවිඩ් -19 ආසාදිතව ප්‍රතිකාර ලබන විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආශ්‍රිතයින්වීම හේතුවෙනි.

ඒ අනුව සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල, පාර්ලිමේන්තු මන්‍රී අශොක් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් යන මහත්වරුන් ස්වයං නිරෝධායනයට යොමුකර ඇත. එමෙන්ම අද දිනයේ කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලය ද තාවකාලිකව වසා දමා ඇති අතර එහි සිටි කාර්යමණ්ඩලය සෞඛ්‍ය උපදෙස් මත නිරෝධායනට යොමුකර ඇති බව සඳහන්ය.

මේ අතර අද මාතර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ, "විපක්ෂ නායකතුමාට කොවිඩ් ආසාදනය සිදුවූ සම්බන්ධතාවය තාම අපිට හොයා ගන්න බැරිවුණා. නමුත් පාර්ලිමේන්තුව තුළ අවදානමක් නෑ." යනුවෙනි