කොරෝනාවට සමාන වෛරසයක් සොයාගනී

Corona virus Pandamic situvation
By Sithumi Jun 14, 2021 04:06 PM GMT
Sithumi

Sithumi

Report

චීන පර්යේෂකයන් පිරිසක් වවුලන් තුළ නව කිරීටක වයිරස් සමූහයක් සොයාගෙන ඇති අතර ඉන් එකක් වන රයිනොලොෆස් පුසිලස් ජානමය වශයෙන් කොවිඩ් -19 වයිරසයට දෙවැනියට ආසන්න බවට සොයාගෙන ඇත. 

 පර්යේෂකය 2019 මැයි සිට 2020 නොවැම්බර් දක්වා කාලය තුළ යුනාන් පළාතේ නිවර්තන උද්භිද උද්‍යානයක සහ යාබද ප්‍රදේශවල කුඩා වනාන්තරයකින් වවුලන්ගෙන් මළ සාම්පල 283ක්, කුඩු 109ක් සහ මුත්‍රා සාම්පල 19ක් රැස් කළහ.

සෙල් සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක ෂැන්ඩොං විශ්ව විද්‍යාලයේ චීන පර්යේෂකයන් සඳහන් කර ඇත්තේ සමස්තයක් ලෙස විවිධ වවුලන් විශේෂයන්ගෙන් නව කොරොනා වයිරස් ජාන 24ක් එක්රැස් කළ බවය. 

චීන පර්යේෂකයන් පැවසුවේ එක් වයිරසයක් ජානමය වශයෙන්ව SARS-CoV-2 වයිරසයට බෙහෙවින් සමාන වන අතර එය දැනට පවතින වසංගතයට හේතු වන බවයි. 

2020 ජුනි මාසයේදී තායිලන්තයෙන් එකතු කරන ලද SARS-CoV-2 ආශ්‍රිත වයිරසය සමඟ, මෙම ප්‍රතිඵල මගින් පැහැදිලිවම පෙන්නුම් කරන්නේ SARS-CoV-2 සමඟ සමීපව සම්බන්ධ වන වයිරස් වවුලන් තුළ අඛණ්ඩව සංසරණය වන බව පර්යේෂකයන් පෙන්වා දේ

ReeCha