හොරොව්පතානා ප්‍රා.ස. සභාපතිට ප්‍රහාරයක් -(CCTV VIDEO)

sri lanka Cctv Horowpathana
By Sithumi May 31, 2021 02:05 PM GMT
Sithumi

Sithumi

Report

එක්සත් ජාතික පක්ෂයට පාලන බලය හිමි හොරොව්පතාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම අද (31) පෙරවරුවේ පැවැති අවස්ථාවේ සභාපතිවරයා සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය.

විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් තමන්ට පහරදුන් බවට පැමිණිල්ලක් කරමින් එම ප්‍රාදේශීය සභාවේ සභාපති චාරුක උදයංග විජේරත්න මහතා ප්‍රතිකාර සඳහා රෝහල් ගතවී තිබේ.

ඒ මහතාව ප්‍රථමයෙන් හොරෝව්පතාන රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන්පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇත.

ප්‍රදේශයේ කොරෝනා ව්‍යසන තත්ත්වය ඇතුළු අත්‍යවශ්‍යය කාරණා පහක් සම්බන්ධව යෝජනා සම්මත කරගැනීමෙන් අනතුරුව අදහස් ප්‍රකාශ කර ගැනීමේ අවස්ථාවේදී ඇතිවූ මත ගැටුම්කාරී තත්ත්වයක් මත විපක්ෂ නායකවරයා තමන්ට පහරදුන් බව සභාපතිවරයා සඳහන් කරයි. ගැටුම ඇතිවන ආකාරය දැක්වෙන CCTV දර්ශන පෙළක් මෙසේ දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now