රට පුරා ඉතා භයානක තත්ත්වයක්..හමුදාපතිගෙන් විශේෂ දැනුම් දීමක්..

Covid Police Shavendra Silva Wedding
By Aruna Jul 30, 2021 01:11 AM GMT
Report

මේ දිනවල රට පුරා සිදුවන ඇතැම් විවාහ මංගල උත්සවය නිරෝධායන නීතීන් උල්ලංඝනය කරමින් 150කට වඩා පුද්ගලයන් සම්බන්ධ කර ගනිමින් සෙසු මාර්ගෝපදේශයන්ද උල්ලංඝනය කරන සිදුකරමින් ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මෙය ඉතා භයානක තත්ත්වයක් බවත් පසුගිය කාලසීමාවේ ද මඟුල් පොකුරු වාර්තා වූ නිසා මංගල උත්සව සංවිධානය කරන පාර්ශව සෞඛ්‍ය මාර්ගෝපදේශ මත පදනම්ව කටයුතු කළයුතු බවද ඔහු කියා සිටී.

විශේෂයෙන්ම කොළඹින් පිටත පවත්වන ඇතැම් විවාහ මංගල්‍ය උත්සවය පුද්ගලයන් 150 සීමාව උල්ලංඝනය කරමින් සිදුකරන බවට තොරතුරු වාර්තා වී ඇතැයි ඔහු පැවසීය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ වල දැක්වෙන්නේ උත්සව ශාලාවේ ධාරිතාවෙන් 25%ක් හෝ උපරිමය 125ක් වන ලෙස පුද්ගලයන් සහභාගී කර ගනිමින් විවාහ මංගල උත්සව පැවැත්වීමට හැකි බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now