මෙරට කොවිඩ් මරණ වල යළිත් වැඩිවීමක්
තවත් කොවිඩ් මරණ 121ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
ඊයේ (16) දින තහවුරු කර ඇති එම මරණ 121ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,938ක් දක්වා ඉහළගොස් ඇත.
මෙම මරණ 121 අතර වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ එක් පිරිමි අයෙක් වනවා.
අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ මරණ 28ක් තහවුරු වී ඇති අතර පිරිමි 16ක් සහ කාන්තාවන් 12ක් ඊට අයත්.
අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 92ක් ඊයේ තහවුරු කළ මරණ 121 අතර වනවා. ඒ කාන්තාවන් 47ක් සහ පිරිමි 45ක් වශයෙන්.
ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා ආසාදිතයන් 499,972ක් හඳුනාගෙන ඇති අතර ඉන් 58258ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 1,186 දෙනෙකු අද (17) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව පූර්ණ සුවය ලැබූ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 429,776ක් දක්වා ඉහළගොස් තිබේ.
මේ අතර,කළු දිලීරයට අමතරව තවත් ඇස්පජිලස් නම් දිලීරයක් වැළඳුණු කොරෝනා ආසාදිතයන් 700කට වැඩි පිරිසක් මෙරටින් වාර්තාවී තිබෙනවා.
කොවිඩ් ඇසෝසියේටඩ් පැල්මනරි ඇස්පජිලස් නමින් හඳුන්වන මෙම දිලීර තත්වය පසුගිය අප්‍රේල් මාසයේ සිට මෙරටින් වාර්තාවී ඇති බවයි වෛද්‍ය පර්යේෂණායතනයේ දිලීරවේදී විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර සඳහන් කළේ.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදි ඇය කියා සිටියේ කළු දිලීරය වැළඳුණු කොරෝනා ආසාදිතයන් මේ දක්වා වාර්තාවී ඇත්තේ 12 දෙනෙකු පමණක් බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |