දියේ ගිලී මියගිය පුද්ගලයෙකුට කොරෝනා..70 වක් දැඩි අවධානමක.

Covid Corona Anamaduwa
By Aruna Jun 24, 2021 07:18 AM GMT
Aruna

Aruna

Report

ආණමඩුව H 8 ගම්මානයේ වැවක දිය නාමින් සිටියදී දියේ ගිලී මරණයට පත්වු පුද්ගලයාට සිදුකර තිබූ PCR පරීක්ෂණයකින් ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වී තිබේ.

ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පුද්ගලයින් 20 දෙනෙකු පමණ නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත් බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රවී අබේරත්න මහතා අද (24) පැවසීය.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ 60 හැවිරිදි තිදරු පියෙකි. ඉකුත් 22 වනදා ඔහු එම අනතුරට මුහුණ දී තිබුණි.

දැනට නිරෝධායනයට යොමුකර සිටින පුද්ගලයින් 20 දෙනාට අමතරව අදාළ පුද්ගලයා සමග සම්බන්ධතා පැවැත්වූ තවත් 50 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති අතර ඔවුන් නිරෝධායන උපදෙස් මගහරිමින් කටයුතු කරමින් ඇති බවද මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් අබේරත්න මහතා පැවසීය.

ඒ අනුව ඔවුන්ට ඉදිරියේදී PCR පරීක්ෂණ සිදු කිරීමට පියවර ගන්නා බවද ඔහු පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now