සතියක් තුළ ආසාදිතයින් 11,000ක්.. සීඝ්‍ර වැඩිවීමක් - දැඩි අවධානමක්
මෙරටින් වාර්තා වන කොවිඩ් -19 ආසාදිතයින්ගේ ඉහළයෑමක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව පසුගිය සතියක කාලය තුළ මෙරටින් හඳුනාගෙන ඇති කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 11,056 කි.
පසුගිය 17 වනදායින් පසු මෙම ඉහළයෑම පෙන්නුම් කෙරෙන අතර එදින ආසාදිතයින් 1,452ක්, 18 වනදා ආසාදිතයින් 1,420ක්, 19 වනදා ආසාදිතයින් 1,487ක් වාර්තා වී තිබේ. කෙසේවෙතත් ගතවූ දින 4 තුළ 1,500 ඉක්මවූ දෛනික ආසාදිතයින් සංඛ්‍යාවක් මෙරටින් වාර්තා විය.
20 වනදා ආසාදිතයින් 1,554ක්, 21 වනදා ආසාදිතයින් 1,604ක්, 22 වනදා ආසාදිතයින් 1,724 ක් මෙන්ම 23 වනදා ආසාදිතයින් 1,815ක් ලෙස වාර්තා වී තිබේ.
රට වසා තැබුණු කාලයෙන් අනතුරුව මෙලෙස සීඝ්‍ර ලෙස කොවිඩ් ආසාදිතයින් ඉහළයෑම බරපතළ ගැටලුවක් බව සෞඛ්‍ය අංශ පවසති.
මේ වනවිට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හඳුනාගෙන ඇති අතර ඊයේ දිනය වනවිට හඳුනා ගැනුණු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 61කි.
මීට අමතරව විවිධ රෝගාබාධ සඳහා ප්‍රතිකාර ලබාගැනීමට රෝහල් වෙත පැමිණෙන පුද්ගලයින් ද කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගැනෙණ බව වාර්තා වේ.
You may like this video-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |