මේ දිනවල ආසාදිතයින් වැඩිවීමට හේතුව ඩෙල්ටා ප්‍රභේදය ද ? (VIDEO)

COVID19 QUARANTINE DELTA RANJITH BATUWANTHUDAVA HEALTH UNITS
By Sewvandhi Jul 23, 2021 01:06 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ගෙවුණු දින කිහිපය තුළ මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ ඉහළයෑමට හේතුව ඩෙල්ටා ප්‍රභේදය විය හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සැක පළ කරයි. එම කාර්යාංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ඒ බව ප්‍රකාශ කළේය.

මේ අතර මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය වෙත ලැබී ඇති වාර්තාව අධ්‍යයනය කිරීමට තමාට නොහැකි වූ හෙයින් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ නව රෝගීන් සිටීද යන්න සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් දීමට අපහසු බවද ඔහු පැවසීය.

"වාර්තාව එන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමාට, අධ්‍යක්ෂතුමාට සහ වසංගත රෝග විද්‍යාඥතුමාට. ඩෙල්ටා ප්‍රභේදය අලුතෙන් ආසාදනය වූ අය ගැන මම ඇහුවාම කිව්වේ සැකසහිත රෝගීන් ප්‍රමාණයක් ඉන්නවා තවම තහවුරුවීම ලැබුණේ නෑ කියලා. අද දවසේ මට ඒ වාර්තාව ගැන අහන්න බැරි වුණා. සඳුදා වෙනකොට ඒ දත්ත ගැන සොයා බලලා කියන්න පුළුවන්. අපි දන්නවා ඩෙල්ටා ප්‍රභේදය අනික් ප්‍රභේදවලට වඩා සීඝ්‍රයෙන් පැතිරෙනවා. ආසාදනයවීමේ හැකියාව වැඩියි. ලෝක සෞඛ්‍ය සංවිධානයත් කිව්වා මුළු ලෝකයේම අනාගතයේ වැඩියෙන්ම පැතිරයන ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය විය හැකියි කියලා. ලංකාවෙත් එසේ විය හැකියි. දැනට ලංකාවේ ව්‍යාප්තවීම ගැන සොයාබලා යනවා. මිනිස්සුන්ගේ හැසිරීමත් එක්ක තමයි මේක කොයි තරම් දුරට පැතිරෙනවා ද කොයි තරම් දුරට පාලනය කරන්න පුළුවන් ද කියන එක රඳා පවතින්නේ."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now