කොරෝනා මරණ වලට විශාල සහනයක්

covid 19 dehiwalla cardboard cofin mounlavinia priyantha sahabandhu
By Sewvandhi May 26, 2021 12:59 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොරෝනා මෘතදේහ බහාලීම සඳහා කාඩ්බෝඩ් මීනී පෙට්ටි වර්ගයක් දෙහිවල ගල්කිස්ස නගර සභාව විසින් හඳුන්වා දී තිබේ.

ඉන් එකක් සඳහා වැය වන මුදල රුපියල් දස දහසකට අඩු මුදලක් බව දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ මන්ත්‍රී ප්‍රියන්ත සහබන්දු මහතා සඳහන් කරයි.

මේවා නිෂ්පාදන කරනු ලබන්නේ ඉවතලන කඩදාසි සහ කාඩ්බෝඩ් ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් බවද ඒ මහතා පැවසීය.

දෙහිවල ගල්කිස්ස නගර සභාව මෙ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවද පැවසූ ඔහු කාඩ්බෝඩ් පෙට්ටියේ බහාලූ මුල්ම මෘත දේහය ඊයේ දිනයේ ආදාහනය කරන ලද බවද පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now