ප්‍රධාන දෙපාර්තමේන්තුවක අධ්‍යක්ෂකවරයෙක් කොවිඩ් ආසාදනයෙන් ජීවිතක්ෂයට

covid19 Express Pearl department of fisheries H.D.Rohitha Kothalavala
By Sewvandhi Jun 25, 2021 09:23 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ධීවර දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික්කය භාර සහකාර අධ්‍යක්ෂ එච්.ඩී. රෝහිත ඇන්ස්ලම් කොරෝනා ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ධීවර දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්න හේතුවෙන් පීඩාවට පත්ව සිටින ධීවරයන්ට වන්දි ලබාදීම සඳහා ක්ෂේත්‍ර රාජකාරිවල නිරත වී සිටියදී ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බවට සැක කරන බවයි.

59 වන වියේ පසුවූ ඔහු වේරහැර - කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යලයට අයත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ මියගොස් තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now