අද මෙරටින් මුල් වතාවේ වාර්තා වූ කොවිඩ් ආසාධිතයින් ගණන

covid19 infections vaccination shavendra silva
By Sewvandhi Sep 17, 2021 12:20 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද දින මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 1278 දෙනකු හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එමෙන්ම කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 1,186 දෙනෙකු අද (17) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව පූර්ණ සුවය ලැබූ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 429,776ක් දක්වා ඉහළගොස් තිබේ.

මේ අතර, බණ්ඩාරවෙල ප්‍රදේශයේ ළමා නිවාසයක සේවකයින් කිහිපදෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස පසුගියදා හඳුනාගෙන තිබුණි. ඒ අනුව මේ වනවිට එම ළමා නිවාසයේ දරුවන් හා තවත් සේවකයින් කිහිප දෙනෙකුට සැකසහිත රෝග ලක්ෂණ මතුවී තිබේ.

මේ හේතුවෙන් එහි අවුරුදු 5ට අඩු දරුවන් 35 දෙනා සහ සේවකයින් 20 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදුකිරීමට බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගත්තේය.

මේ අතර, මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 11,817 දක්වා ඉහළ ගොස් තිබේ. කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනය තුළ ඇස්ට්‍රාසෙනෙකා, සයිනොෆාම්, ස්පුට්නික් වී, ෆයිසර් හා මොඩර්නා යන එන්නත්වල පළමු හා දෙවන මාත්‍රා 94,556 ක් ලබාදී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශ වාර්තා කළේය.

මේ අතර, රත්නපුර ශික්ෂණ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකක 03ක් සඳහා පළමුවරට නල මගින් ඔක්සිජන් සැපයීමේ ඒකකයක් ස්ථාපිත කර තිබේ. ඒ,රත්නපුර ලෙල්ලුපිටිය ප්‍රදේශයේ දානපතියෙකුගේ රුපියල් මිලියන 3 ක ධන පරිත්‍යාගයෙනි.

මීට පෙර හදිසි රෝගීන් සඳහා ඔක්සිජන් සැපයීම රෝහලේ සිදුකර තිබුණේ ඔක්සිජන් සිලින්ඩර වෙන වෙනම ඇඳන් අසලසවිකිරීමේ ක්‍රමයටය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now