විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ 13ක් ඇතුළු 16 දෙනෙකුට කොරෝනා

covid19 isolated quarantine pavithra vanniarachchi habaradhuva
By Sewvandhi Jul 23, 2021 03:10 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගාල්ල - හබරාදූව ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂූන් වහන්සේ 13කට සහ එහි සිටි ගිහියන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය සදහන් කළේ අදාළ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ට සහ තවත් හිමි නමකට වෛරසය ආසාදිත බවට තහවුරු වීමෙන් පසුව සෙසු භික්ෂූන් වහන්සේට සිදුකළ කොරෝනා පරීක්ෂණවලදී මෙම ආසාදිතයින් හදුනාගෙන ඇති බවයි.

එමෙන්ම වයස අවුරුදු 60ට වැඩි සංකූලතා සහිත පුද්ගලයන්ට රජයේ එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත ගොස් එන්නත් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි ඉල්ලීමක් කළා.

මේ අතර අද (230 සිට එළඹෙන දීර්ඝ සති අන්තයේදී විශේෂ නිරෝධායන මෙහෙයුම් ක්‍රියාත්මක වන බවත්, ඒ සඳහා දස දහසකට ආසන්න පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් යොදවා ඇති බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා. එමෙන්ම, නව ආසාදිතයන් 1,721 දෙනෙකු ඊයේ (22) හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 291,298 ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයන්ගෙන් 1,714 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණි හත්දෙනෙකුද ආසාදිතයන් ලෙස හඳුනාගැනුනා.

ඒ අනුව ආසාදිතයන් 22,646 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 264,755 ක්. එමෙන්ම, කොරෝනා මරණ 42ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 3,959 ක් දක්වා ඉහළ ගියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now