යළිත් මෙරටින් කොරෝනා ආසාදිතයින් 2000 ඉක්මවයි..රට තුළ අවදානම් තත්ත්වයක්..

Covid Corona Sri Lanka Colombo Gampaha
By Aruna Jul 30, 2021 02:57 AM GMT
Aruna

Aruna

Report

දින 36 කට පසු යළි දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,000 සීමාව ඉක්මවනු ලැබුවා.

ඒ අනුව ඊයේ දිනයේදී නව කොරෝනා ආසාදිතයින් 2,370 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 304,202 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 2,370 දෙනා අතරින් 2,329 දෙනෙකු අලුත් අවුරුදු පොකුරේ ආසාදිතයින් වනවා.

විදේශයන්හි සිට පැමිණ නිරෝධායන වන පුද්ගලයින් 41 දෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සුවය ලැබු මුළු ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ 73,496 ක් ලෙස දැක්වෙන අතර, රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 26,448 ක්.

පසුගිය 28 වනදා සිදුවූ තවත් කොරෝනා ආසාදිත මරණ 66 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 4,324 ක් ලෙසින්. ඒ අතර කාන්තාවන් 25 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 41 දෙනෙකු සිටිනවා.

අවුරුදු 60 ට වැඩි පුද්ගල 49 දෙනෙකු මිය ගිය පිරිස අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, කොරෝනා පරික්ෂණ සාම්පල ලබා ගැනිම සඳහා යළි හෙද කාර්ය මණ්ඩලය අවශ්‍ය සහය ලබා දෙන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now