කොවිඩ් එන්නත් ගැන සමාජ මාධ්‍ය තුළ සංසරණය වන මිල ගණන් පිළිබද ඇත්ත නැත්ත මෙන්න.

Covid Corona Sri Lanka Vaccines
By Aruna May 30, 2021 09:37 AM GMT
Aruna

Aruna

Report

 රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වැඩි ම“සයිනොෆාම්” එන්නත් මිලදී ගෙන ඇති බවට වන චෝදනාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ , එම තානාපති කාර්යාලයේ නිළ Twitter ගිණුමට එක් කර තිබූ සටහනක් හරහායි. එමෙන්ම විවිධ රටවල් වලට, විවිධ මිල ගණන් යටතේ එන්නත් අලෙවි කිරීම, ඖෂධ නිෂ්පාදන සමාගම්වල සිදුවන සාමාන්‍ය දෙයක් බවයි මෙරට චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කරන්නේ.

එමෙන්ම, “සයිනොෆාම්” එන්නත් මාත්‍රාවක් ශ්‍රී ලංකාවට ලබාදුන් මිලට වඩා අඩු මිලට බංග්ලාදේශයට ලබාදී ඇති බවට එල්ල වන චෝදනාවට ද චීන තානාපති කාර්යාලය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

බංග්ලාදේශයේ ඩකා නුවර පිහිටි චීන තානාපති කාර්යාලය සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කරනවා.

සමාජ මාධ්‍ය තුළ සංසරණය වන මිල ගණන් පිළිබද තොරතුරු අසත්‍ය බවත්, එන්නත් මිලදී ගැනීමේ ගිවිසුම් තවමත් අවසන්ව නොමැති බවත් බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති අතර, සමාජ මාධ්‍ය තුළ අසත්‍ය පුවත් පළ වීම අදාළ මිලදී ගැනීමේ ක්‍රියාවලියට ද බාධාවක් වී ඇති බවයි චීන තානාපති කාර්යාලය පෙන්වා දෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now