පොලිස් පොඩ්ඩගෙ කේස් එකේ නීතිඥ වන්නිනායක ඉදිරිපත් කළ පෙත්සම යළි කැඳවයි
පසුගියදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී පොලිස් නිලධාරියෙක් සහ නීතිඥවරයෙක් අතර බහින් බස්වීමක් සිදුවිය.
ඒ අනුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී මෙම සිදුවීමට මුල් වූයේ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා විසින් තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස එල්ලා සිය නීතිඥවරු මාර්ගයෙන් රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව මෙම පෙත්සම යළි ජනවාරි මස 14 වැනි දින කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (10) නියෝග කර තිබේ.
මෙම පෙත්සමද අභියාචනාධිකරණයේ දී සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවිය.