හැම මිනිහම කරේ බලයට ඇවිත් තමුන්ගේ මිනිහව ආරක්ෂා කරපු එක මේ ආණ්ඩුවත් ඒකම කරනවා - මුජිබර් රහුමාන්
බලයට පත් වූ සෑම ආණ්ඩුවක්ම තමන්ගෙ සගයන් ආරක්ෂා කරමින් ක්‍රියා කරන බව හාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද දින (25)පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු
"හැම ආණ්ඩුවක්ම ඇවිදින් කරේ තමන්ගේ මිනිහව ආරක්ෂා කරපු එක.ඒකට තමයි ජනතාවගේ විශාල විරෝධයක් ආවේ. ඒකට තමයි ජනතාව කැරලි ගැහුවේ.නැවත වතාවක් තමුන් වහන්සේලා ඇවිදින් ඒකම කරනවනම් කැරැල්ලකට මුහුණ දෙන්න වෙයි. අපි ඔක්කොටම. තමුන් වහන්සේලාත් අර පරණ සිස්ටම් එකට යනවා නම් මේක වටේටත් ඇවිල්ලා මිනිස්සු වට කරයි.
අපිට පේනවා ඒ සිස්ටම් එකට තමයි යන්නේ. දැන් තොරතුරු දැනගැනීමේ පනත විශාල ජයග්‍රහණයක් ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන්.ඒ පනත යටතේ ඉල්ලීම් කරාට ඉල්ලීම් ලැබෙන්නේ නැහැ.
දැන් ජනාධිපති කාර්යාලයට ඉල්ලීම් දෙකක් ගියා එකක් ගියා ජනාධිපති කාර්යාලයේ මාධ්‍ය ක්ෂේත්‍රයේ වැඩ කරන අයගේ විස්තර ඉල්ලලා ඒක ප්‍රතික්ෂේප කරා.ඒ වගේම ජනාධිපතිතුමා මේ රට වටේ ගියපු සංචාරවල වියදම් ඉල්ලුවා.ඒක දුන්නෙත් නෑ ඒක ප්‍රතික්ෂේප කරා"
යනුවෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ පෙර හිටපු ජනපතිවරුන් ජනාධිපති මාධ්‍ය අංශයේ මාධ්‍යවේදීන්ගේ තොරතුරු ලබාදුන් බවත් වර්තමාන ජනපති අනුර කුමාර දිසානායකට එය කළ නොහැක්කේ මන්ද යන්න බවත් ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කළේය.