පළාත් පාලන ඡන්දය ගැන අහෙන උණු උණු ආරංචිය - රහස් තීන්දුව ජනපති අතට..

Parliament of Sri Lanka Anura Kumara Dissanayaka Local government Election Latest Headlines
By Sewvandhi Jan 27, 2025 08:31 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (27) පළාත් පාලන ඡන්ද විමසීම විශේෂ විවිධාන පළාත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීන්දුව ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවේ කථානායකවරයාට යොමු කරන බව නිවේදනය කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ, පුරා දින දෙකක් තිස්සේ පැවැත්වූ නඩු විභාගය අවසන් කරමිනි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් මහතා ඇතුළු පාර්ශව හතරක් විසින් මෙම ඉදිරිපත් කර තිබුණි.

……………………………………………………………

You may like this video 👇



ReeCha