මෙරට ජනතාවගෙන් හතරෙන් එකක් දිළිඳුභාවයෙන් පෙළෙනවා කවුරුත් නොසිතූ නවතම අනාවරණය මෙන්න
මෙරට ජනතාවගෙන් හතරෙන් එකක් දිළිඳුභාවයෙන් පෙළෙන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය සදහන් කර තිබේ .
විෂය භාර අමාත්‍ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ ඉන් සියයට 80ක පමණ පිරිසක් ග්‍රාමීයව ජීවත් වන බවයි.
ඒ හේතුවෙන් ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීමට ප්‍රථමයෙන් කළ යුතු බව ඔහු සදහන් කර තිබේ.
ඒ අනුව අමාත්‍යවරයා තව දුරටත් ප්‍රකාශ කළේ එක් එක් ග්‍රාම සේවා වසමට අදාළව දුප්පත්කමට හේතු හඳුනාගෙන ඒ අනුව ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන් සියලු දෙනා එක්ව සංවර්ධන සැලසුම් සකස් කළ යුතු බවයි.
තවද මේ වනවිට මැදපෙරදිග උද්ගතව ඇති දරුණු යුදමය තත්වය හේතුවෙන් ගෝලීය ආර්ථිකයට යම් බලපෑමක් එල්ලවී ඇති බව වාර්තා වේ.
පසුගිය මාස 15ක පමණ කාලය තුළ මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම හේතුවෙන් අපට එම බලපෑම අවම කර ගැනීමට හැකියාව ලැබූ බව එතුමා සදහන් කර තිබේ.
එසේ නොවුනානම් යළිත් පෝලිම් යුගයක් නිර්මාණය වන බව ද ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිල මහතා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.