මේ එජන්සියෙන් රට යන්න සල්ලි බැන්දනම් ලෝක අමාරුවක - හේතුව මෙන්න

Report

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය පවසන පරිදි අඹුසැමි යුවළක්, දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන්ගෙන් විදේශ රැකියා ලබාදෙන බවට වංචා කර රුපියල් එක් කෝටි අසූ ලක්ෂයකට අධික මුදලක් ලාභාගැනීම සම්බන්ධයෙන්, අද (10) සීදූව ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව සඳහන් වේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරන පරිදි සැකකරුවන් රේන්බෝ නෙක්සස් (Rainbow Nexus) නමින් බලපත්‍ර රහිත වංචනික ආයතනයක් පවත්වාගෙන යමින් මෙම ජාවාරම මෙහෙයවූ බව සඳහන් වේ.

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව හෙට

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව හෙට

මෙම සැකකාරිය මේ වන විට පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ 40ක් වංචා කර ඇති බවට ලැබුණු පැමිණිලි 12ක් මත විමර්ශන ආරම්භ වූ අතර, ඇය වසරකට ආසන්න කාලයක් විමර්ශන නිලධාරීන් මඟහරිමින් සැඟවී සිටි බවද එම කාර්යාංශය ප්‍රකාශ කරයි.

ඒ අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් ඇය හා මෙම වංචාවට සහාය වූ ඇගේ සැමියාවද සීදූව ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. වැටලීමේදී, සැකකරුවන් සන්තකයේ තිබූ විදේශ රැකියා ලබාදීමට අදාළ වංචනික ගිවිසුම් 200ක්, වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කළ ලිපි සහ එක්ස්-රේ (X-Ray) වාර්තා 300ක්, ජාවාරම සඳහා යොදාගත් ප්‍රචාරක පත්‍රිකා රැසක් සොයාගත් බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි.

මෙම මහා පරිමාණ ජාවාරම සීදූව ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක සිට සිදු කර ඇති අතර, මුළු වංචාවේ වටිනාකම රුපියල් එක් කෝටි අසූ ලක්ෂයක් පමණ වන බවද සඳහන්. සැකකරුවන් දෙදෙනා හෙට (11) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම වැටලීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආරියසිංහගේ අධීක්ෂණය යටතේ සිදුකෙරිණි.

කෙහෙලියගේ නඩුවකට සම්බන්ධ දෙදෙනෙකුට ඇප

කෙහෙලියගේ නඩුවකට සම්බන්ධ දෙදෙනෙකුට ඇප

පොලිස් පරීක්ෂක ටී.බී. ද අල්විස්, පොලිස් සැරයන් දිසානායක, නීති ක්‍රියාත්මක කිරීමේ නිලධාරී අමිතා කුමාරි සහ ශ්‍රීනිකා කරුණාරත්න යන නිලධාරීන් මෙම වැටලීමට සෘජු සහභාගී විය. මේ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.