බිරිදටයි නැන්දම්මටයි පහර දුන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයක් අත්අඩංගුව
සිය බිරිදට හා ඇයගේ මවට පහර දුන්නේ යැයි කියන සිද්ධියකට ගලෙන්බිදුණුවැව ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත්බව මොරගොඩ පොලිසිය සදහන් කර තිබේ.
පොලිසිය සදහන් කළේ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මන්ත්‍රිවරය සිය බිරිදටත් ඇයගේ මවටත් පහරදි තිබෙන බවයි.
මන්ත්‍රීවරයාගේ පහර කැමට ලක්වු බිරිද හා ඇයගේ මව ප්‍රතිකාර ගැනිම සදහා පයිරමඩුව රෝහලට ඇතුලත් කොට තිබුණි.
ඔවුන් මේවන විට වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙන බව වාර්තා වේ .
[YCB0XDH ]