මෙරට ප්‍රධානතම පුදබිමක් වැසෙයි..නගර රැසක් සතියක් වහන්න ගත් තීරණය මෙන්න.

Kelaniya Bandarawela Rathnapura Kelani temple
By Aruna Aug 18, 2021 02:10 AM GMT
Aruna

Aruna

Report

රට තුළ සීරීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කැලණිය විහාරස්ථානය සතියක පමණ කාලයක් වසා දැමිමට තීරණය කර ඇති බව කැලණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුදත් වල්පොල මහතා පවසනවා.

දිනපතා සැලකිය යුතු බැතිමතුන් පිරිසක් විහාරස්ථානයට පැමිණිම හේතුකොට ගෙන මෙම තීරණය ගෙන තිබෙනවා.

මේ අතර තවත් නගර කිහිපයක වෙළෙඳසැල් වසා තැබීමට අදාළ වෙළෙඳ සංගම් තීරණය කර තිබේ.

පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බව වෙළෙඳ සංගම් සඳහන් කළේය.

ඒ අනුව අද (18) සිට බදුල්ල, ත්‍රිකුණාමලය, රත්නපුර සහ බලංගොඩ යන නගරවල සියලු වෙළෙඳ සැල් සතියක කාලයක් වසා තැබීමට නියමිතය.

මීට අමතරව හෙට (19) සිට වැලිමඩ සහ අනුරාධපුර නගරයේ වෙළෙඳසැල් ද සතියක කාලයක් සඳහා වසා තැබෙනු ඇත.

පවතිත වසංගත තත්ත්වය හේතුවෙන් එම තීරණය ගත් බව අනුරාධපුර එක්සත් වෙළෙඳ සංගමයේ සභාපති සරත් මුණසිංහ මහතා පැවසුවේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha