වැඩිහිටි නිවාසයක කොරෝනා පරීක්ෂාවක් නිසා පාලිකාවගෙන් දැඩි විරෝධයක්.

Corona Kaduwela Nursing house
By Aruna Jun 28, 2021 06:42 AM GMT
Report

අතුරුගිරිය හෝකන්දර රාමනායක මාවතේ පිහිටි වැඩිහිටි නිවාසයක වැඩිහිටියන්ව අද (28) උදෑසන පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර තිබිය දී එම ස්ථානය භාර පාලිකාව විසින් එයට විරෝධය පළ කර තිබේ.

පසුගිය 23 වන දා එම වැඩිහිටි නිවාසයේ පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතව මියයෑමත් සමඟ අද දිනයේ මෙලෙස සෙසු පිරිස පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර ඇත.

ඒ අනුව කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 22ක් සහ කාර්ය මණ්ඩලයේ 6දෙනෙක් පීසීආර් පරීක්ෂාවට යොමුකර තිබේ.

එම ස්ථානයට ගිය “අප වාර්තාකරුට පාලිකාව පවසා ඇත්තේ, කිසිවෙකුටත් උණ රෝගී තත්ත්වයක් හෝ වෙනත් කිසිදු රෝග ලක්ෂණයක් නොමැති බැවින් වැඩිහිටියන් සඳහා පීසීආර් සිදුකිරීම අනවශ්‍ය බවය.

ඒ පිළිබඳ අදහස් දැක්වු පාලිකාව, “පීසීආර් එක වරදින්නත් පුළුවන්නේ.

හරියටම කියන්න බෑනේ.

මෙතෙන කවුරුත් යන්නෙත් නැත්නම්, සියලු සෞඛ්‍ය නීතිරීති අනුගමනය කරනවා නම්, මේ අයට කිසිම රෝග ලක්ෂණයක් නැත්නම්, මෙයාලා කරන රාජකාරිය ට මම ගරු කරනවා.

“ ප්‍රශ්නය - සමහර විට ඔබතුමියගෙන් බෝ වුණා වෙන්න බැරි ද? “මම යන්නේ නෑ කොහේවත්. ඔප්පු කරන්න පුළුවන් නම්. මෙතනින් එහාට ගිහිල්ලා හරි.

වාහනේ ස්ටාට් කරලා හරි තියෙනවා නම්. ලයිට් බිල් වට්ඇප් කරනවා.

කුණු එළියට දානවා. අපි එතැන ගැටෙන්නෙත් නෑ. ඒකයි අපි තරයේ කියන්නේ වෙන්න විදියක් නෑ.“


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now