පැය 24ක් තුල මෙරට කොවිඩ් ආසාදිතයින් 57ක් මියයයි...තත්ත්වය බරපතලයි.

Colombo Covid death Kurunagala Rathnapura Gamaha
By Aruna Jun 16, 2021 03:57 AM GMT
Aruna

Aruna

Report

ගත වූ පැය 24 රේ මෙරටින් කොරෝනා මරණ 57ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 2317ක් දක්වා ඉහළ ගොස් තිබේ.

නව ආසාදිතයින් 2334දෙනෙකු ඊයේ දිනයේ හදුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන දෙලක්ෂ 28,256ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයින් ගෙන් 2275ක් අලුත් අවුරුදු කොරෝනා පොකුරෙන් වන අතර අනෙක් ම සියලු දෙනාම විදෙස් රට වල සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය වේ.

ඒ අනුව තවදුරටත් ආසාදිතයින් 33,518 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර එක්ලක්ෂ 92,478 ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now