කොරෝනා හෙම්බිරිසාව ගානට පත්කරන ප්‍රතිදේහයක් නිර්මාණය වෙයි...ලෝකයටම සුබ ආරංචියක්.
කොවිඩ් 19 වෛරසයට එරෙහිව සුපිරි ප්‍රතිශක්තියක් සහිත දෙමුහුන් ප්‍රතිශක්තිකරණයක් මේ වන විට ලොව ඇතැම් පුද්ගලයන් තුළ බහුලව වර්ධනය වෙමින් ඇති බව ඇමරිකානු පරීක්ෂණයකින් තහවුරු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම නවතම සොයාගැනීම වාර්තා වන්නේ ඇමරිකාවේ රොකෆෙලර් සරසවියේ පරීක්ෂණයකින් වන අතර මෙම සුපිරි ප්‍රතිදේහය පරිණාමනය වී ව්‍යාප්ත වීමත් සමඟ කොවිඩ් වෛරසය ද සාමාන්‍ය උණ සෙම්ප්‍රතිශ්‍යා වෛරසයක් මට්ටමට පත් වනු ඇතැයි එම සරසවියේ වෛරසවේදීන් පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම මේ වන විට පැතිරෙන සියලුම කොවිඩ් ප්රභේදයන්ට මෙන්ම අනාගතයේ දී ඇති විය හැකි මේ ආකාරයේ වෛරස මාදිලිවලටද මෙය කදිම ප්‍රතිකාරයක් බව ද ඔවුන් සොයාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙයට වසර විස්සකට පමණ පෙර සොයා ගත් ‘සාස්’ රෝගය ඇති කරන මුල් කොවිඩ් වෛරසයට සහ එහි විපරිත මාදිලියටද එකසේ ප්‍රතිචාර දැක්වීමට මෙම සුපිරි ප්‍රතිදේහයට හැකි වූ බව සනාථ වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් අවධාරණය කර සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |