තල්මසෙකු සමඟ උන්ගේම භාෂාවෙන් සංවාද කළ විද්‍යාඥයන්. (VIDEO)
විද්‍යාඥයින් පිරිසක් විසින් තල්මසුන් සමඟ ඔවුන්ගේම භාෂාවෙන් සන්නිවේදනය කළ පුවතක් වාර්තා වෙනවා.
මෑතක කළ මෙම අධ්‍යයනය සඳහා, විද්‍යාඥ UC ඩේවිස්, ඇලස්කාවේ තල්මසුන් පදනම සහ SETI විද්‍යාඥ කන්ඩායම එක්ව මෙය සිදු කර තිබුණා.
අධ්‍යයනය අතරතුර සුවිශේෂී අත්හදා බැලීමක දී, කණ්ඩායම ට්වේන් නම් ගැහැනු තල්මසා සමඟ ඇගේම භාෂාවෙන් මිනිත්තු 20 ක සංවාදයක නිරත වූ බවයි වාර්තා වන්නේ.
විද්‍යාඥයින් පේනවා දෙන්නේ, තල්මසුන් සමඟ සංවාද කිරීමට ඉගෙන ගැනීම අපට බුද්ධිමත් පිටසක්වල ජීවීන් සමඟ සන්නිවේදනය කිරීමට උපකාරී වනු ඇති බවයි.
ඒ සඳහා විද්‍යාඥයන් Twain නම් තල්මසා සමඟ විනාඩි 20ක පෙරළිකාර සංවාදයක නිරත වී ඇත.
විද්‍යාඥයන් ඇලස්කාවේ වෙරළට ඔබ්බෙන් බෝට්ටුවක් යාත්‍රා කර තල්මසුන් ප්‍රතිචාර දක්වයිදැයි බැලීමට “සම්බන්ධතා ඇමතුමක්" ලෙස හඳුන්වන දෙයක් වාදනය කර තිබෙනවා.
මෙම සම්බන්ධතා ඇමතුම් “මානව ආචාරයකට“ සමාන යයි අධ්‍යයන වාර්තාවේ සඳහන්.
යූසී ඩේවිස්ගේ පශු වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරියක වන බ්‍රෙන්ඩා මැකෝවන් පවසාඅ ඇත්තේ තල්මසුන් වෙනත් තල්මසුන් ඇමතීමට හෝ ඔවුන් සිටින ස්ථානය එකිනෙකාට දැන ගැනීමට මෙම ආචාර ක්‍රම භාවිතා කරන බවයි.
අනතුරුව මෙම ට්වේන් නම් තල්මසා මීළඟ මිනිත්තු 20 සඳහා, විද්‍යාඥයින් විවිධ කාල පරාසයන්හිදී එකම සම්බන්ධතා ඇමතුම 36 වතාවක් නිකුත් කළ අතර, සෑම අවස්ථාවකම ඇමතුමට ප්‍රතිචාර දැක්වූයේ, කාල අන්තරයන්ට පවා සමීපව ගලපමින් බවයි සඳහන් වන්නේ.
මේ සම්බන්ධව බ්‍රෙන්ඩා මැකෝවන් පවසන්නේ විද්‍යාඥයන් ට්වේන් වෙත නැවත ඇමතුමක් ලබා දීමට පෙර තත්පර 10ක් බලා සිටියේ නම්, ඇය ප්‍රතිචාර දැක්වීමට පෙර තත්පර 10ක් බලා සිටිනු ඇති බවයි.
මේ අතර මිනිසුන් සහ හම්ප්බැක් තල්මසුන් අතර හම්ප්බැක් 'භාෂාව' මගින් සන්නිවේදන හුවමාරුවක් සිදු කල පළමු අවස්ථාව මෙය බවයි මැක්කෝවන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.
කෙසේනමුත් විද්‍යාඥයන් විශ්වාස කරන්නේ ඩොල්ෆින් වැනි අනෙකුත් කැටේෂියන්, දඩයම් කිරීමට සහයෝගී වන මාංශ භක්ෂකයින් සහ මීමැස්සන් සහ අලි වැනි ඉහළ සමාජ විශේෂයන් ඇතුළු පෘථිවියේ අනෙකුත් බුද්ධිමත් සතුන් සමඟ ද එවැනිම සන්නිවේදන කාර්යයක් සිදු කර ප්‍රතිඵල ලද හැකි බවයි.
තල්මසුන් සමඟ කළ සංවාදය සම්පුර්ණ වීඩියෝව - මේ මත click කරන්න.
