මහ පාන්දර හොරණ කොළඹ මාර්ගය දෙදරමින් අනතුරක් - එක් මංතීරුවක් අවහිරවී ඇති බව දන්වයි
හොරණ කොළඹ මාර්ගයේ ගෝනපල හන්දිය ආසන්නයේදී කන්ටේනර් රථයක් පෙරළීමෙන් මාර්ගයේ එක් මංතීරුවක් අවහිරවී ඇතැයි මොරගහහේන පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව මෙම අනතුර අද (29) අලුයම 1ට පමණ සිදුවී ඇති බව සඳහන්.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ හොරණ කර්මාන්ත පුරයේ සිට කොළඹ වරාය දක්වා ධාවනය වෙමින් තිබූ කන්ටේනර් රථයක්.
පොලිසිය ප්‍රකාශ කළේ කන්ටේනර් රථය පැමිණි වේගයෙන්ම වංගුව පසු කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි.