නැවත කිසිම දවසක ලංකාවේ දේශපාලන වේදිකාවල මේවා ගැන කතා කරන්න බෑ - ජනපතිගෙන් තීරණයක්

Report

යළි කිසිදු දිනක ශ්‍රී ලංකාවේ දේශපාලන වේදිකාවක පෙරහැර නතර කිරීම පිළිබඳ සාකච්ඡාවක් පැන නොනැඟිය යුතු බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර ඇත.

ඔහු මේ බව අවධාරණය කළේ මහනුවර වාර්ෂික ඇසළ මහා පෙරහැර උත්කර්ෂවත් ලෙස පවත්වා අවසන් කළ බව සැලකෙරෙන සංදේශය දියවඩන නිලමේ විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබූ අවස්ථාවේදීයි.

එසේම රාජ්‍යත්වයත්, දළදා වහන්සේත් අතර ඇති අත්හැරිය නොහැකි බැඳීම සහ සංස්කෘතික උරුමය එහිදි සිහිපත් කළ ජනාධිපතිවරයා, කිසිවෙකු තමන්ගේ දේශපාලන වේදිකාවක හෝ ආරෝවක් පිරිමසා ගැනීමට මෙම ඓතිහාසික උරුමය මත කටයුතු කිරීම කිසිසේත් සාධාරණ නොවන බව සඳහන් කළා.

පවුම් දෙක තුන ගන්න හිතෙන තරමට බිමට බැස්ස රන් මිල - අද ලංකාවම පුදුම කළ රන් මිල ගණන් මෙන්න

පවුම් දෙක තුන ගන්න හිතෙන තරමට බිමට බැස්ස රන් මිල - අද ලංකාවම පුදුම කළ රන් මිල ගණන් මෙන්න

"මෙම පෙරහැර මංගල්‍ය අත්හැරීම යනු අපේ මුළු ජාතියේම හෘදසාක්ෂිය, අධ්‍යාත්මය සහ ජාතියේ ජීවය මරා දැමීමයි. පසුගිය සමයේ දේශපාලන වේදිකාවල පෙරහැර තහනමක් පිළිබඳ සාකච්ඡාවට ලක් වුණා. එවැනි ප්‍රකාශ කිරීම මොනතරම් කුරිරු දේශපාලන ව්‍යාපාරයක්ද. එයින් පෙනෙන්නේ අපේ ජාතියේම අධ්‍යාත්මය මරා දැමීමේ සහ සංස්කෘතියේ පාදම විනාශ කිරීමේ බලයක් හොබවනවා කියන එකයි. මෙම පෙරහැර මංගල්‍ය තහනම් කිරීමේ උත්සාහයක් දරනවා කියන ප්‍රකාශයම මොනතරම් විනාශකාරීද. එය කිසිසේත්ම දේශපාලන වේදිකාවක සාකච්ඡාවකට හෝ තර්කයකට හෝ ගත යුතු කරුණක් නොවේ. ඒ නිසා කිසිවෙකු තමන්ගේ දේශපාලන වේදිකාවක හෝ ආරෝවක් පිරිමසා ගැනීමට හෝ ගැටුම් විදාහ දැක්වීමට කිසිසේත්ම මෙම ඓතිහාසික උරුමය මත කටයුතු කිරීම සාධාරණ නැහැ. නැවත කිසි දිනකවත් අපේ රටේ දේශපාලන වේදිකාවක පෙරහැර නතර කිරීම පිළිබඳ සාකච්ඡාවක් පැන නොනැඟිය යුතුයි. අපේ ජාතියේ අධ්‍යාත්මය මරා දමන බව, ඓතිහාසික සංස්කෘතික උරුමය, ප්‍රෞඪත්වය සහ ආත්මය විනාශ කරන බව ප්‍රකාශ කිරීම සිදු නොකළ යුතුයි"

උදෑසන 05.30 ට නිකුත් කළ නවතම නිවේදනය - අද දහවල් 12:11 ට හිරු දෘශ්‍ය වන්නේ මෙහෙමයි

උදෑසන 05.30 ට නිකුත් කළ නවතම නිවේදනය - අද දහවල් 12:11 ට හිරු දෘශ්‍ය වන්නේ මෙහෙමයි

ඊයේ (28) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ සහ සතර මහා දේවාලවල වාර්ෂික ඇසළ මහා පෙරහැර චිරාගත සම්ප්‍රදායානුකූලව පරිපූර්ණ සහ උත්කර්ෂවත් ලෙස පවත්වා අවසන් කළ බව සැලකෙරෙන සංදේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පිළිගැන්වුවා.

එසේම ජනාධිපති මන්දිරය වෙත පෙරහැරින් පැමිණි දියවඩන නිලමේ ඇතුළු සතර මහා දේවාලවල සහ පිටිසර දේවාලවල නිලමේවරුන් සාම්ප්‍රදායානුකූලව සංදේශය ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබුණා.

පසුව ජනාධිපතිවරයා ඇතුළු නිලමේවරු සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, පෙරහැරට සහභාගි වූ කලා ශිල්පීන් වෙත තිළිණ සහ සම්මාන පිරිනැමීමද ජනාධිපතිවරයා අතින් සිදු විය.

තවද ඇසළ පෙරහැර භාරය මඟින් පිටිසර දේවාල වෙනුවෙන් සිදු කරන මූල්‍යාධාර ප්‍රදානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු කෙරුණු අතර, මධ්‍යම පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් සම්පාදිත 'පූජනීය දළදා සංස්කෘතිය' ග්‍රන්ථයේ පළමු පිටපතද ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබුණා.

එහිදී මහනුවර වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යය සාර්ථක කර ගැනීමට අවවාද අනුශාසනා ලබා දුන් මල්වතු - අස්ගිරි මහ නා හිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නයටත්, පෙරහැර කටයුතු සඳහා කැපවූ දියවඩන නිලමේවරයා ඇතුළු සතර මහා දේවාලවල නිලමේවරුන්ටත්, රාජ්‍ය නිලධාරීන්, කලාකරුවන් ප්‍රමුඛ ඊට දායකත්වය දැක්වූ සියලු දෙනාටත් ස්තූතිය පළ කර සිටියා.

අද සහ හෙට සවස 3 වෙන තුරු මෙම පද්ධති අක්‍රීය කරන්න - දිවයිනටම දන්වයි

අද සහ හෙට සවස 3 වෙන තුරු මෙම පද්ධති අක්‍රීය කරන්න - දිවයිනටම දන්වයි

ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ අප අපේක්ෂා කරන ශිෂ්ටසම්පන්න සමාජය ගොඩනැගීමේදී දළදා පෙරහැර ප්‍රමුඛ කරගත් රට පුරා පැවැත්වෙන පෙරහැර මංගල්‍යය ඉතා වැදගත් බවයි.

එසේම පාරම්පරික කලා සංගම් රැක ගන්නා අතරම, රාජ්‍ය අනුග්‍රහය ලබන ප්‍රබල සංස්කෘතික පිබිඳීමක් රටට අවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ජාතියක් වශයෙන් අප මුහුණ දී තිබෙන අහිතකර තත්ත්වයෙන් ගොඩ ඒමට නව සමාජ වටිනාකම් පද්ධතියක් සහිත ජාතික පුනරුද යුගයක් ආරම්භ කිරීමට එක්වන ලෙස සියලු දෙනාට ආරාධනා කර සිටියා.

එසේම ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ,

"මෙම අවස්ථාව ජාතියක් ලෙස අපිට ඉතා වැදගත් අවස්ථාවක්. අනුරාධපුර යුගයේ කිත්සිරි මෙවන් රජ දවස දන්ත ධාතුන් වහන්සේ වැඩම කළ දින සිට මෙම පෙරහැර මංගල්‍ය ඉතා ප්‍රෞඪත්වයෙන් යුතුව පවත්වා තිබෙනවා. මෙවරද ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙම පෙරහැර මංගල්‍යය සමග එක්ව තිබෙනවා. අඛණ්ඩව ශත වර්ෂ ගණනාවක් මෙම දළදා මංගල්‍යය පවතින්නේ අපේ බෞද්ධ ජනතාවත්, ජාතියේ සංස්කෘතියත්, ප්‍රෞඪත්වයත් මේ තුළ ගැබ් වී තිබීම නිසයි. ඒ වගේම දළදා වහන්සේ අපේ රාජ්‍යයේ උරුමය බවට පත්ව තිබෙනවා. අපේ රට විවිධ නියංසායවලට, දුර්භික්ෂවලට මුහුණ දුන්නා. ඒ හැම අවස්ථාවකම දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීමේ වගකීම අතීත රජවරු සහ මුතුන් මිත්තන් තම දෙවුරු මත තබා ගත්තා. ඒ නිසා රාජ්‍යත්වයත්, දළදා වහන්සේත් අතර අත්හැරිය නොහැකි බැඳීමක් ඇති ඉතිහාසයක් අපිට තිබෙනවා. ඒ වගේම භද්‍ර යෞවනයේ තරුණයින් විශාල පිරිසක් මේ පෙරහැර මංගල්‍යය සමග එක්ව සිටිනවා. අපේ සමාජයේ යහපැවැත්ම රැක ගැනීමට හැකිවෙයිද කියා බියට සහ අභියෝගයකට අපි මුහුණ දී සිටිනවා. එහෙත් පෙරහැර මංගල්‍යය දෙස බලා සිටින විට අපිට දැනෙනවා ඒ ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන ඉදිරියට යාමට සමත් යෞවනයන් විශාල පිරිසක් රට තුළ සිටින බව. මම හිතනවා අපේ අමාත්‍යාංශවල සහ සෑම ආයතනයකම සංස්කෘතික සමාජයක් ගොඩනැගිය යුතුයි. රටේ සෑම සංස්කෘතික අවස්ථාවකටම එම කණ්ඩායම් සහභාගී කරවිය යුතුයි. පාරම්පරික කලා සංගම් රැක ගන්න අතරම ඉන් ඔබ්බට ගොස් රාජ්‍ය අනුග්‍රහය ලබන ප්‍රබල සංස්කෘතික පිබිඳීමක් රටට අවශ්‍ය වෙනවා. අද ගම්, නියම්ගම් කරා විසුරුණු මත්ද්‍රව්‍ය රකුසාට අපි ජාතියක් ලෙස බිලි වෙමින් තිබෙනවා. මෙය තව දශක දෙක තුනක් ඉදිරියට පැවතුණහොත් සියලු සමාජ සංස්ථා බිඳ වැටෙනවා. මේ රටේ සමාජ පාදම කඩා වැටෙන අභියෝගයකට අපි මුහුණ දෙමින් සිටිනවා. අපේ සංස්කෘතික උරුමය, ප්‍රෞඬත්වය සහ මහපොළව සමග තිබෙන ඓන්ද්‍රීය සබඳතාව රැක ගැනීමට නම් අපි නියත වශයෙන්ම මත්ද්‍රව්‍ය රකුසාට එරෙහි සටන දියත් කළ යුතුයි. මත්ද්‍රව්‍ය මර්ධනය පමණක් නොවෙයි අපේ තරුණ පරපුර නව ආශ්වාදජනක සමාජයකට ගෙන ආ යුතුයි. එහිදී මම හිතනවා දළදා පෙරහැර ප්‍රමුඛ කරගත් රට පුරා පැවැත්වෙන පෙරහැර මංගල්‍යය ඉතා වැදගත් වෙනවා. දෙමාපියන්ට, අපේ සමාජයට නව වටිනාකම් හඳුන්වා දිය යුතුයි. අද වටිනාකම් මොනවාද ඇහුවොත් ධනය සහ බලය වටිනාකම් බවට පත්ව තිබෙනවා. ඒ නිසා වටිනාකම්වලට නව අර්ථකථනයක් ලබා දෙමින් අපේ වටිනාකම් අලුත් තැනක පිහිටුවිය යුතුව තිබෙනවා. එකිනෙකා කෙරෙහි ඇති වන මානවවාදී බැඳීම, සංස්කෘතික උරුමය, ඉතිහාසය සමග තිබෙන අත්හැරිය නොහැකි බැඳීම, සහකම්පනය නව වටිනාකම් බවට පත්විය යුතුයි. එසේ නොවුණහොත් අපිට දියුණු රටක් ගොඩනගන්න බැහැ. ඒ නිසා මේ පෙරහැර මංගල්‍යය හුදු අලංකරණය පමණක් නොව, වැදගත් හරයක් අපේ සමාජයට පිළිබිඹු කරනවා. අපි ජාතියක් ලෙස මුහුණ දෙමින් සිටින විනාශකාරී තත්ත්වයෙන් ගොඩඒම සඳහා නව සමාජ වටිනාකම් පද්ධතියක් සහිත ජාතික පුනරුද යුගයක් ආරම්භ කළ යුතුයි. එසේ නොවුණහොත් අපේ ඇස් ඉදිරිපිට සියල්ල විනාශ වන යුගයක් නිර්මාණය වෙනවා. මිනිස් ක්‍රියාකාරකම්වල අහිතකර ප්‍රතිඵලයක් ලෙස අද අපේ පරිසර පද්ධතිය විනාශ වෙමින් පවතිනවා. ස්වභාවික ව්‍යසනයන්ට අපිට ජාතියක් ලෙස ඔරොත්තු දිය හැකියි. හැබැයි ස්වභාවික ව්‍යසනයන් මාරාන්තික ව්‍යසනයක් බවට පත් වන්නේ මිනිස් ක්‍රියාකාරකම් හේතු කොට ගෙනයි. ඒ නිසා පරිසරය සහ මිනිසා අතර තිබෙන බැඳීම තහවුරු විය යුතුයි. අද මුළු සමාජයටම ආපසු හැරී අපේ ගමන් මග පිළිබඳ මෙනෙහි කිරිමේ අවස්ථාවක් පැමිණ තිබෙනවා. අපි දෑස් බැඳගෙන අන්ධයින් මෙන් ගමන් කළ යුගය අවසන් කළ යුතුයි. අපි සියලු දෙනා අතීත ආවර්ජනයකට පැමිණ වෙනස් කරගත යුතු තැන් යුහුසුළුව වෙනස් කරමු. අතීතයේ සිදු වූ දේ විමසමින්, යහපත් දේ ආරක්ෂා කර ගනිමින් සහ කිසිදු පැකිළීමකින් තොරව අයහපත් දේ වෙනස් කිරීමට මැදිහත් වෙමු. එම කාර්යභාරය ඉටු කිරීමට එක්වන ලෙස සියලු දෙනාට මම ආරාධනා කරනවා".  

තත්ත්වය දරුණු අතට - මුළු ලංකාවටම වලංගු වන පරිදි විශේෂ නිවේදනයක් - මහජනතාවට දැනුම් දීමට උපදෙස්

තත්ත්වය දරුණු අතට - මුළු ලංකාවටම වලංගු වන පරිදි විශේෂ නිවේදනයක් - මහජනතාවට දැනුම් දීමට උපදෙස්