රැකියා අවස්ථා රැසක් - නිසි පුහුණුවක් සමඟ වහාම ලබා දීමට සැරසේ
ඉදිරියේදී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා වැඩිවීම හේතුවෙන් ඉදිකිරීම් ශිල්පීන් 7500 ක් පමණ විදේශ රටවලින් ගෙන්වීමට අවශ්‍ය බවට දේශිය හා විදේශිය ඉදිකිරීම් සමාගම් ඉල්ලීමක් කර තිබෙන බව නාගරික සංවර්ධන, නිවාස හා ජලසම්පාදන අමාත්‍යංශයේ ලේකම් කුමුදුලාල් බෝගහවත්ත පවසයි.
ඒ අනුව ලේකම්වරයා පෙන්වා දෙන්නේ මෙසේ අවශ්‍ය වී ඇත්තේ මේසන් බාස්වරුන්,කම්බි නැවීමේ ශිල්පීන්, අත්උදව්කරුවන් ඇතුළු සහායක ශිල්පීන් බවයි.
එමෙන්ම මෙම ශිල්පීන් ඉන්දියාව, බංග්ලාදේශය ,නේපාලය යන රටවලින් ගෙන්වීම සඳහා ඉදිකිරීම් සමාගම් අවධානය යොමුකර ඇති බවද කුමුදුලාල් බෝගහවත්ත ප්‍රකාශ කරයි.
ඔහු පැවසුවේ මෙම ඉදිකිරීම් ශිල්පීන් කාලයක් තිස්සේ විදේශ රටවලින් ලබාගැනීමට ඉදිකිරීම් සමාගම් කටයුතු කර තිබෙන බවයි.
කෙසේ වෙතත් අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම රැකියා අවස්ථා මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තරුණයින්ට ලබාදීමට තම අමාත්‍යංශයේ අවධානය යොමුවී ඇති බවයි.
එමෙන්ම සීඩා ආයතනය ඔස්සේ නිසි පුහුණුවක් ලබාදී නිසි ක්‍රමවේදයකට එම රැකියාවලින් කොටසක් හෝ මෙරට තරුණයින්ට ලබාදීමට වහාම කටයුතු කරන බවත් ඔහු කියා සිටියා.