අනවසර වෙළෙන්දෙක් ඉවත් කිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක් (VIDEO)

By Sewvandhi Aug 17, 2021 09:18 AM GMT
Sewvandhi

Sewvandhi

Report

බණ්ඩාරවෙල නගරයේ සිල්ලර වෙළෙඳ සංකීර්ණය ආසන්නයේ මාර්ගය අවහිර වන සේ අනවසරයෙන් එළවළු වෙළදාමේ යෙදුණු පුද්ගලයෙකු ඉවත් කිරීමට නගර සභා සේවකයින් සහ පොලීසිය පැමිණි අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් හටගත්තා.

පොලසිය සඳහන් කළේ අනතුරුව එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි. බණ්ඩාරවෙල නගරයේ සිල්ලර වෙළෙඳ සංකීර්ණය ආසන්නයේ මාර්ගය අවහිර කරමින් මෙම පුද්ගලයා එළවළු වෙළෙදාමේ යෙදී සිට තිබෙනවා.

 වාර්තාකරු සඳහන් කළේ ඔහු වෙළෙදාමේ යෙදී සිටියේ ඊට අවසර නොලත් ස්ථානයක බැවින් ගමනාගමන කටයුතුවලටද බාධා ඇති වූ බවයි.



මේ පිළිබඳ ප්‍රදේශවාසීන් විසින් බලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව එම ස්ථානයට නගර සභා සේවකයින් සහ පොලීසිය පැමිණියා. අනවසර එළවළු වෙළෙදාමේ යෙදුණු පුද්ගලයා ඉන් ඉවත් කිරීමට යාමේදී ඔහු මෙලෙස කලහකාරී ලෙස හැසිරුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha