වෛද්‍ය සුදත් සමරවීර මහතාට එරෙහිව පැමිණිල්ලක්
covid19
dr sudath samaraweera
aruna laksiri
fake covid announcement
By Sewvandhi
වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඇතුළු එම ඒකකයේ වගකිව යුත්තන්ට එරෙහිව පොලිස්පතිවරයා වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ, නිතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින්.
වැරදි සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර සිය ව්‍යවස්ථාපිත යුතුකම ඉටු කිරීම පැහැර හැර ජාතික ආරක්ෂාව අනතුරට පත්කර තිබෙන බවට එම පැමිණිල්ලේ සඳහන්.
එමෙන්ම ජාතික ආරක්ෂාව අනතුරට පත්කිරීමෙන් ලංකා දණ්ඩ නිති සංග‍්‍රහයේ 289 වගන්තිය යටතේ වැරදි කර ඇති බවට එම පැමිණීල්ලේ දක්වා තිබෙනවා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් පරීක්ෂා කර මිය ගිය අය සත්‍ය වශයෙන්ම කොවිඩ් වෛරසයෙන් මිය ගිය අය ද සහ සංඛ්‍යාලේඛණ නිවැරදි ඒවාද යන්න විමසා බලමින් මෙම පරීක්ෂණය මෙහෙවන ලෙසට පැමිණීල්ලෙන් ඉල්ලා තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |