ගංවතුරෙන් නිවාස වලට හානි සිදු වූ අයට රජයෙන් වන්දියක්.

By Wayomi Jun 06, 2024 10:01 AM GMT
Report

ගංවතුරෙන් පීඩාවට පත් පවුල්වලට නිවාස පිරිසිදු කරගැනීම සඳහා රුපියල් 10,000 බැගින් ලබාදීමට රජය තීරණය කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසූ බවයි වාර්තා වන්නේ.

මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 30 දක්වා ඉහළ ගොස් ඇති බවත්, විපතට පත් වූවන්ගේ පවුල් සඳහා මේ වන විට රුපියල් 25,000ක් ප්‍රදානය කන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කර තිබෙනවා.