කොළඹට සපයන පානීය ජලය මඟින් බෝ වන රෝගී තත්වය ගැන ජලාපවහන මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්.

Colombo Water Board Water Disease
By Wayomi Jun 12, 2024 01:22 PM GMT
Wayomi

Wayomi

Report

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් බෙදා හරින ජලය පානය කිරීමෙන් කොළඹ අවට ප්‍රදේශවල ජනතාවට පාචනය හා වමනය යන රෝග තත්ත්වයන් වැලඳී ඇති බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ, එය සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බවයි.

මඟ බලන් හිටපු සුබ ආරංචිය. - වාහන ආනයනය ගැන කැබිනට්ටුව තීන්දුව ගනී. - මුලින්ම ගෙන්වන වාහන මෙන්න.

මඟ බලන් හිටපු සුබ ආරංචිය. - වාහන ආනයනය ගැන කැබිනට්ටුව තීන්දුව ගනී. - මුලින්ම ගෙන්වන වාහන මෙන්න.


එහි සහකාර සාමාන්‍යාධිකාරී ඒ.පී.ආර්.ජේ. විජේසිංහ මහතා කියා සිටියේ, ජනතාවට පානීය ජලය සපයනු ලබන්නේ නිසි ක්‍රමවේදයෙන් යටතේ සිදුකරන පිරිපහදු ක්‍රියාවලියකින් අනතුරුව බවයි.

"ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් සපයනු ලබන ජලය පවිත්‍රකරණයෙන් පසුව, නිරන්තරයෙන් රසායනාගාර පරීක්ෂණයකට භාජනය කරනවා. ඒ අනුව සිදුකරන පරීක්ෂණ අනුව ක්ෂ්ද්‍රජීව විද්‍යාත්මක පරීක්ෂණ ඒ වගේම රසායනික සියල්ල සිදුකරනවා. එම ජලය ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූලයි. ඒ අනුව ඔය කියන කිසිදු රෝගකාරක ක්ෂුද්‍ර ජීවින් අන්තර්ගත නොවන පිරිසිදු ජලය තමා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සපයන්නේ. ගංවතුර එක්ක මොන ජලය ආවත් අපි අදාළ පිරිසිදු කිරීම් කරලා ප්‍රමිතියෙන් යුතු පානීය ජලය තමා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සපයන්නේ. ඒ නිසා කිසිදු බියක් ඇති කරගත යුතු නෑ." 

ජුනි 18 සිට 20 දක්වා විශේෂ පාසල් නිවාඩුවක්. - වැසෙන පාසල් මෙන්න.

ජුනි 18 සිට 20 දක්වා විශේෂ පාසල් නිවාඩුවක්. - වැසෙන පාසල් මෙන්න.