කොළඹ තැන් 20ක් සඳහා වහාම තීරණයක්..

Colombo Sri Lanka
By krishani Oct 29, 2023 02:44 AM GMT
krishani

krishani

Report

මේ වන විට වර්ෂාව හේතුවෙන් ජලයෙන් යටවන බවට හඳුනාගත් කොළඹ නගරයේ ස්ථාන විස්සේ ඇති ගැටලු විසදීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ බව කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන සඳහන් කළේ ය.

ඒ අනුව කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඒ සදහා අරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් පහත් බිම් සංවර්ධන මණ්ඩලය සමග සාකච්ඡා පවත්වා ඇත.

කෙසේ වෙතත්, අදාළ ජලයෙන් යටවන ස්ථානවල පිහිටි නිවාසවල ජනතාව ඉවත් කර ඔවුන්ට නව නිවාස ලබා දීම සඳහා නාගරික සංවර්ධණ අධිකාරිය සමග ද සාකච්ඡා කර ඇත.

ReeCha