පුරාවස්තු සොයා කැණීම් කළ සැකකරුවන් 10ක් කොටු
පුරාවස්තු සහ යුද සමයේ වල දමා ඇති රත්රං ලබාගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් 07 දෙනෙකු හා සැකකාරියන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පුලියන්කුලම පොලිස් වසමේ පරසන්කුලම ප්රදේශයේදී ඊයේ (03) රාත්රී පොලිස් විශේෂ කාර්ය බලකා මාන්කුලම් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීය.
එහිදී කැණීම් කටයුතු සිදු කරමින් සිටි සැකකරුවන් සමග බැකෝ යන්ත්රයක්, කාර් රථයක් ඇතුළු කැණීම් උපකරණ පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරුවන් අවුරුදු 32 හා 90 අතර වයස්වල පසුවන කොළඹ 03, පුලියන්කුලම, බණ්ඩාරගම, නොච්චියාගම සහ බිබිල ප්රදේශවල පදිංචිකරුවන් වේ.
ඒ වගේම සැකකාරියන් අවුරුදු 50 ත් 76 ත් අතර වයස්වල පසුවන කොළඹ 03 සහ කිරුලපන ප්රදේශවල පදිංචිකාරියන්ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුලියන්කුලම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.