කොළඹ පොත් ප්‍රදර්ශනය අතර තුර උණුසුම් තත්ත්වයක්..මාධ්‍යවේදියෙකුත් අත්අඩංගුවට.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
ඊයේ පස්වරුවේ සිදු කර ඇති මෙම අත්අඩංගුවට ගැනීමට සරසවි ප්‍රදර්ශනය කුටිය ඉදිරිපිට සිදුවූ පහරදීමේ සිදුවීමක් බවයි පැවසෙන්නේ.
සරසවි පොත් කුටියේ ආරක්ෂකයෙකු විසින් තරුණයකුට සිදු කරන ලද පහරදීමකට මාධ්‍යවේදියා විරෝධය පලකර ඇති අතර එය නොතකා ආරක්ෂකයා දිගටම පහර දී තිබේ.
සිදුවීම වීඩියෝ කරද්දී එහි පැමිණි පොලිස් නිලධාරීන් කල්ප ගුණරත්න අත්අඩංගුවට ගෙන ඇත්තේ වීඩියෝ කිරීම හේතුවෙන් කළබලයක් ඇතිවූ බව එම පොත් කුටියේ පිරිස පැවසීම මත බවයි පැවසෙන්නේ.
අනතුරුව කල්ප ගුණරත්න අත්අඩංගුවට ගෙන කුරුඳුවත්ත පොලීසියට ගෙන ගොස් පැය තුනකට පමණ පසු මුදා හැර තිබේ.
සරසවි පොත්හලේ ආරක්ෂකයාගෙන් පහරකෑමට ලක්වූ තරුණයා තමනට සිදු කල පහරදීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇති අතර පහර කෑමෙන් ඔහුගේ හිසට තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ.