දික්ඔය යු කැලිප්ටස් වගාවක දරුණු ගින්නක්
හැටන් දික්ඔය වන රාජා වත්තේ යු කැලිප්ටස් වගාවකට අද (8) පස්වරුවේ කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබේ.
එම වතුයායේ තේ කර්මාන්ත ශාලාවට මායිම්ව පිහිටි යූ කැලිප්ටිස් වගා බිමේ ඉලුක් පඳුරු විශාල වශයෙන් තිබෙන අතර, පවතින වියළි කාලගුණයත් සමග තේ කර්මාන්තශාලාව අසළ පදිංචි කිසියම් පිරිසක් විසින් එම වගාවට ගිනි තබන්නට ඇති බවයි සැක කරනු ලබයි.
ගින්න සීඝ්රයෙන් පැතිර යන අතර, ගින්න පාලනය කිරීමට කිසිවෙක් මේ වන තෙක් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වේ