කාරණය ඉටු වෙයිද? නැද්ද?..පොලුත් හිඟ මේ කාලේ, නිවැරදිම ක්‍රමේට පොල් ගැසීමෙන් සිදුවන ප්‍රතිඵල දැනගනිමු..

Jothishya Lagna Latest Headlines
By Sewvandhi Dec 06, 2024 10:41 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ජීවිතයේ එක් වතාවක් හෝ ඔබත් දේවාලයකට හෝ පුදබිමකට ගොස් පොල් ගෙඩියක් බිඳින්න හෝ බින්ද කෙනෙක් වූවාට කිසිම සැකයක් නැත. එසේ බින්ද කෙනෙක් නම් ඔබ මඳකටවත් එයින් සිදුවන දේ හෝ බිඳෙන ආකාරය පිළිබඳව වැටහීමක් නැතුව මෙතෙක් එම ක්‍රියාව සිදුකළ අයකු විය හැක.

අපි බලමු ටිකක් විමසීමෙන් පොල් ගැසීමක් කළ විට ඒ පොල් ගෙඩිය බිඳෙන ආකාරය අනුව ඔබ සිදුකරන කාරණාව ඉෂ්ට වේදෝ නොවේදෝ යන්න මෙතැන් සිට බලාගත හැක. යම් කාරණාවක් ඉටුකර ගැනීමට සිතාගෙන යන පොල් ගෙඩිය ඉතාම පිරිසිදු විය යුතුයි. එය කහ දියරෙන් සෝදා එම පොල් ගෙඩිය දේවාලයේ පූජාසනය මත තබා ඔය යම්කිසි දිෂ්ටියක් දන්නේ නම් එම මන්ත්‍රයෙන් ජීවම්කර ගන්න.

නොදන්න අය ආසනයෙන් පොල් ගෙඩිය ගෙන එය අනිවාර්යයෙන්ම දකුණ අතට ගෙන ඔබේ කරණය සිතින් කියන්න. යම් යම් කාරණාවල් සඳහා දිෂ්ටි මන්ත්‍ර ඇත. ඒ ඒ කාරණාවට අදාළව කටයුතු කරන ගමන් ඔබේ අදහස එකිනෙකට වෙනස් විය හැක. එනම් සමහර අය පොල් ගසන්නේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට විය හැක.

තවත් අය රැකියා කටයුතු ලෙඩ රෝග, සෙත් ශාන්තිය පිණිස සහ පළි ගැසීම් මුල්කරගෙනය. කෙසේ හෝ දකුණු අතට ගත්ත පොල් ගෙඩිය 21 වරක් හෝ 07 වරක්වත් කියවන්න. සමහර අවස්ථාවලදී ඔබේ කාරණාව ඉෂ්ට සිද්ධ නොවුණේ නම් අනිවාර්යයෙන්ම 108 වතාවක්වත් මන්ත්‍රය කියවිය යුතුයි. ඔබේ කාරණාව දෙවියන්ට කියන්න. මේ අවස්ථාවේදී පොල් ගෙඩිය උඩ කපුරු පත්තු කළ යුතුයි.

හිටපු ඇමති නිමල් සිරිපාලටත් වැඩේ හරි...කෙදිරි ගෑවෙන්නම කරන්න යන දේ..

හිටපු ඇමති නිමල් සිරිපාලටත් වැඩේ හරි...කෙදිරි ගෑවෙන්නම කරන්න යන දේ..

නම ලග්නය කියා කන්නලව් කරන්න. මෙය ප්‍රබල කන්නලව්වක් විය යුතුයි. ඒ අතරම ඔබේ කාරණයත් සිතින් කියන්න. සියල්ල අවසන් වූවාට පසු නැවත කපුරු තබා අග්නි දෙවියන් සිහි කරමින් දේවාලය හෝ පුද භූමිය වටා 3 වරක් හෝ 6 වරක් හෝ 9 වරක් දකුණට ගොස් අදාළ පොල් ගසන ස්ථානයට පැමිණෙන්න. කිසිම අයුරකින් කපුරු පෙත්ත නිවෙන්නට නම් ඉඩ තබන්න එපා.

මෙම කපුරු පෙත්ත නිවුණු පසු සිත එක්තැන් කරගෙන කලබලයක් නැතුව ඉතාම සංසුන් අයුරින් තීන්දුව නිවාරණයි කියා පොල් ගෙඩිය ගසන්න. මෙම පොල් ගෙඩිය පළමු වර ගසන අවස්ථාවේදී පොඩියට හෝ ඉරි තැළීමක් සිදුවී ඇත්නම් කිසි විටකත් නැවත ගෙන යළි බිඳින්නට නොයන්න. පොල් තෝරා ගැනීමේදී කලටි පොල්, වැඩියෙන් වේලී ඇති පොල්, නොගෙන හොඳින් පැසුණු පොල් ගෙඩියක් තෝරා ගන්න.

01. දැන් බලන්න ඔබ තෝරාගත් පොල් ගෙඩිය මේ ආකාරයෙන් බිඳුණේ කියා බලන්න. ඇත්තෙන්ම එය ඒ ආකාරයෙන් සිදුවී පොල් ගෙඩිය දෙකට වෙන් වී ගියේ නම් එහි ප්‍රතිඵලය මෙසේය. ඔබ යම් කිසිදෙයක් සිතේ තබාගෙන මෙය සිද්ධ කළේ නම් අනිවාර්යයෙන්ම ඔබේ කාරණය බාධාවකින් තොරව ඉෂ්ට වන බව කිව යුතුයි.

මෙතනදී අපි යම් යම් කාරණා වෙනුවෙනුත් එක් එක් පුද්ගලයන් අදහන දෙවිවරුනුත් වෙනස්. මන්ද සමහර අය පත්තිනි මෑණියෝද, කාලි මෑණියෝ, ඝණ දෙවියෝ, ගම්භාර දෙවියෝ, කතරගම දෙවියෝ, අපල සඳහා විෂ්ණු දෙවියෝ, විභීෂණ දෙවියෝ යනාදී වශයෙන් බොහෝ දෙවිවරු සඳහා කාරණාවන්ට බාර වෙනවා.

මොන දෙවියන්ට හෝ වඳින්න පළමුව බුදුන්ට වත්පිළිවෙත් කරගෙන ඉන් පසුවයි දේව මණ්ඩලයට ආරාධනා කර පූජා වට්ටියක් තබා එහි පලතුරු, කැවිලි වර්ග ඇතුළුව මල් මාලාවක්ද පොල් ගෙඩියක්ද, කපුරු පෙතිද, තැඹිලි ගෙඩියක්ද සමග පූජාව තියන අතර ඔබේ කාරණාවත් හිතේ තබාගෙන කන්නලව් කරන්න.

සියලුම බාර් වසා දැමේ..? බාර් ලයිසන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂ නියෝගයක්..!

සියලුම බාර් වසා දැමේ..? බාර් ලයිසන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂ නියෝගයක්..!

ඉන්පසු පොල් ගෙඩිය ගෙන එය ගසන්න. මේ අවස්ථාවේදී ඔබ එකම පොල් ගෙඩිය දෙපාරක් ගසන්නට නොයන්න. කෑලිද එකතු කරන්න උත්සාහ නොගන්න. ඉහත පොල් ගෙඩියේ කිසිදු දෝෂයක්ද ග්‍රහ අපලයක්ද නැති බව සඳහන් කළ යුතුයි.

02. මෙම පොල් ගෙඩිය මේ ආකාරයට වෙන් වූවානම් මෙහිදී ද ඔබේ බලාපොරොත්තුව ඉෂ්ට වෙයි. නමුත් මෙම බොල් බෑ දෙක උඩ අතට තිබිය යුතු අතර එහි වතුර රැඳී ඇත්නම් ඉතාම ශුභයි. ප්‍රතිඵලද ඉක්මන් වෙයි. සියලු බාධක ග්‍රහ දෝෂ දුරුවී ඔබේ කාරණය ඉෂ්ට සිද්ධ වෙනවා නියමිත කාල වකවානු තුළදීම. නමුත් විවාහයක් සම්බන්ධවනම් විවාහ ජීවිතය තුළ ප්‍රශ්න ඇති අතර ආදර බන්ධ තහවුරු කර ගැනීමට බිඳින ලද පොල් ගෙඩියක් නම් එම කාරණාව ගැන සිතන්න.

බාධක මැදයි ඔබට ඔබේ ගමන යා හැකි වන්නේ. අපි විණ දෝෂ සඳහාද මෙවැනි පොල් ගෙඩියක් බිඳ ප්‍රතිඵල ආවේ නම් එය ගැනත් දැනගත හැක. මෙම පොල් ගෙඩියක එක් බෑයක් හොඳින් ඉතිරි වී අනිත් බෑය කුඩුවී ගියේ නම් ඔබට ප්‍රශ්න ගැටලු එමටයි. බොහෝ ගැටලුවලින් ඔබ පීඩා විඳියි. මෙම බෑ දෙකම මුනින් අතට හැරුණේ නම් එයද අශුභයි. මොන දේ බලාපොරොත්තුවෙන් බින්ඳත් එම කාරණය ඉෂ්ට සිද්ධ නොවේ.

මොහොතකට සිතන්න ඔබ නඩුවකට නැතිනම් ඉඩකඩම් බන්ධව, ප්‍රේම සම්බන්ධතාවයකට හෝ රැකියාවකට, විභාගයකට, විදේශගත වීමකට හෝ පළිගැසීමක් හෝ මොනයම් හෝ කාරණයක් සිතේ තබාගෙන පොල් බින්ඳා කියා. හොඳින් බලන්න ඔබේ පොල් ගෙඩිය හරහට හෝ මැදින් නොවී වෙනත් ආකාරයකට කුඩුවී ගියා කියා.

එසේ නම් බාධක එයි නමුත් ඒයින් ජයගත හැකි ඔබේ පැත්තට වාසිය තබා බිඳුණු පොල් ගෙඩියක් බව කිව යුතුයි. තරහා වූ ආදර බන්ධන යළිත් ගොඩනඟා ගත හැකි කාලයක් වෙයි. තිබුණු බාධක මග හැරී යයි. විභාගයක් හෝ රැකියා කටයුත්තකට නම් එයට බාධාගෙන දෙයි.

ලොවම බලාපොරොත්තුවෙන් ඉන්න විවාහය..ඔන්න මේ දෙන්නා ළඟදීම එකතු වෙන්නයි යන්නේ..බලන්නකෝ සතුට - (PHOTOS)

ලොවම බලාපොරොත්තුවෙන් ඉන්න විවාහය..ඔන්න මේ දෙන්නා ළඟදීම එකතු වෙන්නයි යන්නේ..බලන්නකෝ සතුට - (PHOTOS)

ව්‍යාපාරවලට ද එය එසේමයි. අපල සඳහා බිඳින ලද නම් ඔබට අපල ඇති බව සඳහන් කළ යුතුයි. එසේම බොහෝ කාරණාවන්ට මෙම ආකාරයට බිඳින පොල් ගෙඩියෙන් වාසි මෙන්ම අවාසිද ගෙනදෙන බව සඳහන් කළ යුතුයි. විශේෂයෙන් විවාහ/ඉඩකඩම්වලදී හොඳින් පොල් ගෙඩිය පරීක්‍ෂා කර බලා තීරණ දිය යුතුයි.

03. තවත් පොල් බිඳෙන ක්‍රමයක් තමයි මේ මුඩ්ඩ තියන පැත්තෙන් බිඳීම නැතිනම් යටින් 2 න් පෙන්වා ඇති ආකාරයෙන් බිඳීම මේ ආකාරයට පොල් බිඳුණේ නම් ඇත්තෙන්ම ඔබේ නිවසේ දෝෂ පවතියි. එමෙන්ම තමන් අත වැරදි තියාගෙන අන් අය වෙනුවෙන් ගසන පොල් ගෙඩියක් බවත් මේ කාරණාව සිතේ තබාගෙන ගසන පොල් ගෙඩියක් නම් එයයි පිළිතුර.(දිවයින පුවත්පත ඇසුරෙන්..)

…………………………………………………………………………………………………………………

You may like this video 👇



ReeCha