සියලුම බාර් වසා දැමේ..? බාර් ලයිසන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂ නියෝගයක්..!
අද (6) දිනයේ, ඉකුත් රජය සමයේ මත්පැන් අලෙවි බලපත්‍ර සඳහා වන වාර්ෂික ගාස්තු වැඩිකරමින් නිකුත් කළ ගැසට් නිවේදනයක් ක්‍රියාත්මකකිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
ඒ. එච්. එම්. ඩී. නවාස්, කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින්, ශ්‍රී ලංකා මත්පැන් අලෙවි බලපත්‍ර හිමියන්ගේ සංගමය විසින් ගොනුකළ තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
ශ්‍රී ලංකා මත්පැන් අලෙවි බලපත්‍රලාභීන්ගේ සංගමය විසින් ගොනුකර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණි. පෙත්සම්කරුවන් කියා සිටින්නේ 2024/1 දරන ගැසට් නිවේදනය මගින් මත්පැන් බලපත්‍ර සඳහා වන වාර්ෂික ගාස්තුව රුපියල් මිලියන 20 දක්වා වැඩිකළ බවයි.
මෙම බලපත්‍ර වාර්ෂික බලපත්‍ර ගාස්තු වැඩිකිරීම තුළින් තමන්ට දැඩි අසාධාරණයක් සිදුවූ බවත්, ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබුණි. ඊට අමතරව 2017 වසරේ නිකුත් කළ ගැසට් නිවේදය අනුව බලපත්‍ර ගාස්තු අය කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සමෙන් ඉල්ලා ඇත.
…………………………………………………………………………………………
You may like this payment 👇
