පොල්තෙල් මිල ඉහළට..?

price coconut oil taxes cope committee
By Sithumi Jul 30, 2021 12:18 PM GMT
Report

ශ්‍රී ලංකාව තුළ පොල්තෙල් මාෆියාවක් ඇති වී තිබෙන බව පොල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා. දේශීය පොල්තෙල් නිෂ්පාදකයන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනට පසුගිය වසරේ දෙසැම්බර් මස කැබිනට් පත්‍රකාවක් යොමු කළ ද එයට මේ දක්වා අනුමැතිය නොලැබී ඇති අතර අමුද්‍රව්‍ය ප්‍රශ්නය හේතුවෙන් දේශීය සාම්ප්‍රදායික පොල්තෙල් කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩාවැටී ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

බදු අඩු කර පොල්තෙල් ආනයනය කිරීමට ඉඩ නොතබන බවත්, ඉදිරියේදී පොල්තෙල් මිල තව දුරටත් ඉහළ යා හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර මෙරටට පාම් ඔයිල් අයනයනෙන් රජයට රුපියල් කෝටි 613ක පාඩුවක් සිදුව තිබෙන බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වනවා.

ඒ, මෙරට ප්‍රධාන පෙළේ පාම් ඔයිල් ආනයනය කරන සමාගම් දෙකක් පාම් ඔලේන් නැමැති තෙල් වර්ගය නිවැරදි කාණ්ඩ සංයෝජිත වර්ගීකරණ අංකයක් යටතේ නිෂ්කාශනය නොකිරීම නිසාවෙන් බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

මෙම අලාභය 2013 වර්ෂයේ සිට අය කරගත යුතු බව විගණකාධිපතිවරයා දැනුම් දී තිබෙන බව කෝප්‍ කමිටුව සඳහන් කළා. මේ සම්බන්ධයෙන් අභියාචනා කොමිෂන් සභාවට ප්‍රමාදවී අභියාචනා ඉදිරිපත් කිරීමේ අයිතියක් අදාළ සමාගම්වලට නොමැති බවත්, ආනයනකරුවන් එම මුදල වහා ගෙවිය යුතු බවත් ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධානීන් කෝපා කමිටුව හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

මේ අනුව එම යෝජනාව බදු අභියාචනා කොමිෂන් සභාවට ඉදිරිපත් කරන ලෙස කමිටුව රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයාට නියෝග කළා. මේ පාඩුව සිදුවී ඇතැයි පැවැසෙන්නේ 2013- 2016 අතර කාලයේදීයී. කෝපා කමිටුවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා මෙම වාර්තාව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now