වෙළඳ පොලෙන් පොල්තෙල් ගන්න අයට තරු පෙනෙයි..මෙන්න අලුත්ම නීතිය.

Sri Lanka Business Coconut oil Market T edirimanna
By Aruna Sep 16, 2021 04:25 AM GMT
Aruna

Aruna

Report

මෙරට වෙළදපොලේ ඇති පොල්තෙල්වල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් පසුගිය සමයේ ඇති වූ කතාබහ හේතුවෙන් ගුණාත්මක තත්ත්වයෙන් යුත් පොල්තෙල් හඳුනාගැනීම සඳහා තරු 05 කින් යුත් ලාංඡනයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව පොල්තෙල් මිලදී ගැනීමේදී, පොල් සංවර්ධන අධිකාරිය මඟින් හඳුන්වාදී ඇති තරු 05 කින් යුත් ලාංඡනය සහිත ඇසුරුම් කළ පොල්තෙල් ගුණාත්මක ඒවා ලෙස හඳුනාගත හැකි බවයි පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ (සැකසුම් සංවර්ධන) ටී එදිරිමාන්න මහතා පැවසුවේ.

මේ අතර ඇසුරුම් කරන ලද පොල්තෙල් පමණක් වෙළදපොලේ විකිණීම සඳහා අවසර ලබාදීමට අදාළ වන පරිදි නීති රීති සංශෝධනය කිරීමට සූදානම් වන බව පොල් සංවර්ධන අධිකාරිය පවසනවා.

ගුණාත්මක පොල් තෙල් පාරිභෝගිකයාට ලබාදීමේ අරමුණින් එම සංශෝධන සිදු කරන බවයි එහි අ අධ්‍යක්ෂ (සැකසුම් සංවර්ධන) ටී එදිරිමාන්න මහතා පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now