Cloudflare බිඳ වැටේ - ලොව පුරා සමාජ මාධ්‍ය ඇතුළු වෙබ් අඩවි රැසක් බිඳ වැටෙයි

Report

ලොව ප්‍රධාන අන්තර්ජාල යටිතල පහසුකම් සපයනු ලබන Cloudflare සමාගමට අද (18) පස්වරුවේ මතුවූ දෝෂාබාධා හේතුවෙන් ලොව පුරා සමාජ මාධ්‍ය වේදිකා සහ වෙබ් අඩවි දහස් ගණනක් අක්‍රීයවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Cloudflare විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, සිය සේවා ජාලයේ අසාමාන්‍ය  ගමනාගමන ඉහළ යෑමක් (unusual traffic spikes) අනාවරණ වීමත්, එය හේතුකොටගෙන ජාලයේ දෝෂ හට ගත් බවත්ය.

තංගල්ලේදී වෙඩි තැබීමක් - අඹුසැමි යුවළක් මරුට

තංගල්ලේදී වෙඩි තැබීමක් - අඹුසැමි යුවළක් මරුට

කෙසේ වෙතත්, මෙම අසාමාන්‍ය ගමනාගමනයට හේතුව දැනට තවමත් සොයා බලන අතර  සමාගම පැවසුවේ, දෝෂය පිළිවෙළකට යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය සියලු පියවර දැඩිව ගන්නා බවයි.

මෙම බාධාවෙන් X (Twitter), ChatGPT ඇතුළු බහුජනප්‍රිය සමාජ මාධ්‍ය සහ සේවා රැසක්ද තාවකාලිකව අක්‍රීය වී ඇති බවයි වාර්තා වේ.

ATM කාඩ් පාවිච්චි කරනවද? පරිස්සම් වෙන්න

ATM කාඩ් පාවිච්චි කරනවද? පරිස්සම් වෙන්න