සංගීත ප්‍රසංගයක් නිසා ප්‍රධාන මාර්ගයක් හදිසියේම වසා දැමේ..දැඩි වාහන තදබදයක්..

Sri Lanka Police Sri Lanka
By Aruna Apr 24, 2023 07:11 AM GMT
Aruna

Aruna

Report

මරදාන, ඩීන්ස් පාර වසා දැමීම හේතුවෙන් එම ප්‍රදේශයේ මේ වනවිට දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වනවා.

ඊයේ පැවති අලුත් අවුරුදු උත්සවයකට සමගාමිව පැවති සංගීත සංදර්ශනයක වේදිකාව ඉදිකිරීම හේතුවෙන් එම මාර්ගය වසා ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

අදාළ සංගීත ප්‍රසංගය අද අලුයම් කාලය දක්වා පවත්වා තිබෙන අතර , ඒ සදහා ඉදිකල වේදිකාව ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට සිදුවන බවත්, තවත් පැයකින් පමණ මාර්ගය විවෘත කළ හැකි බවත් පොලීසිය කියා සිටියා.

මේ දිනවල අවුරුදු උත්සව සංවිධානය කරන්නේ නම් පවතින අධික උණුසුම් තත්ත්වය හමුවේ කය වෙහෙසා කරන ක්‍රීඩා කටයුතු දහවල් කාලයේදී පැවැත්වීමෙන් වළකින්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උත්සව සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා.

මැරතන් ධාවන තරග, බයිසිකල් ධාවන තරග වැනි කය වෙහෙසා සිදු කරන ක්‍රීඩා හැකිතරම් උදෑසන කාලයේදී හෝ සවස් කාලයේදී පැවැත්වීමට කටයුතු කරන ලෙස තමන් උත්සව සංවිධායකයන්ගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ප්‍රධාන පුවත්පතකට පවසා ඇත්තේ.

අවුරුදු උත්සවවල ඇති විවිධ අංග අතරින් දිවීමේ තරග, මැරතන්, බයිසිකල් රේස් ආදිය දහවල් කාලය මගහැර පැවැත්වීම මේ දිනවල වඩා වැදගත් බවයි ඔහු පවසා ඇත්තේ.

ඒ අයුරින් කය වෙහෙසෙන ක්‍රීඩාවලට සහභාගි වන පිරිස්වලින් ඒ තරග සඳහා සහභාගි වීමට තරම් තමන් සෞඛ්‍ය සම්පන්න ද යන්න වෛද්‍ය වාර්තාවක් ලබා ගත යුතු බව ද හෙතෙම ප්‍රකාශ කර ඇත.

තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මනා අවබෝධයකින් යුතුව එවන් තරග සඳහා සහභාගි වීම අත්‍යවශ්‍ය බව ද වෛද්‍ය චමිල් විජේසිංහ කීය. එවන් සෞඛ්‍ය වාර්තාවක් ලබා ගත්ත ද ඒ මත ම සියල්ල සිදු වේ යැයි නිගමනය කළ නොහැකි නිසා යමක් සිදුවීමට පෙර කල්පනාකාරීව කටයුතු කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ .

එවන් තරග සඳහා සහභාගි වන පිරිස් පවා හොඳින් ජලය පානය කළ යුතු බවද හැකි නම් ජීවනී වැනි දියරමය පාන ලබා ගනිමින් ශරීරය විජලනයට පත් වීම වළක්වා ගත යුතු බව ද හෙතෙම කීය.

මෙවන් තරග සංවිධාන කරන්නේ නම් යම් හදිසි අවස්ථාවකදී ප්‍රථමාධාර ලබා දීමට සහ ඒ පිළිබඳ මනා අවබෝධයකින් යුතු පිරිසක් එහි නිරන්තරයෙන් රැඳී සිටිය යුතු බව ද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now