CIDය මාධ්‍ය ආයතනයකට කඩා පනී (VIDEO)
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා ලංකාදීප පුවත්පතට කළ ප්‍රකාශ සම්බන්ධයෙන් එහි ප්‍රධාන කර්තෘවරයාගෙන් සහ එම ප්‍රවෘත්ති සහ ලිපි ලියූ ලේඛකයන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරින් කණ්ඩායමක් කොළඹ හුණුපිටිය හරස් පාරේ පිහිටි ලංකාදීප ප්‍රධාන කාර්යාලයට අද (28) උදේ පැමිණි තිබෙනවා.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මේ මොහොතේ පිළිතුරු දීමට සූදානමක් නො මැති බවට ලංකාදීප ප්‍රධාන කතුවරයා දැනුම් දීම නිසා, එම විමර්ශන නිලධාරී කණ්ඩායම ලංකදීප ප්‍රධාන කාර්යාලයෙන් ඒ මොහොතේ ම පිටව ගිය බවයි වාර්තා වෙන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ලංකාදීප ප්‍රධාන කාර්යාලයෙන් එසේ පිට ව ගියේ ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා වෙනත් දිනයක නැවතත් පැමිණෙන බවට දැනුම් දෙමින්.
ලංකාදීප පුවත්පත එම ලිපි සහ ප්‍රවෘත්ති වලින් අනාවරණය කර තිබුණේ, පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලා අස් වූ තුෂාන් ගුණවර්ධන මහතා විසින් පළ කරන ලද අදහසක්. සතොස සුදුලූනු වංචාව ඇතුළු අනෙකුත් දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් ඒ මහතාගෙන් ප්‍රශ්න කර තොරතුරු ලබාගෙන විමර්ශන පවත්වනවා වෙනුවට පුවත්පතේ කර්තෘවරයාගෙන් එම ලිපි සහ ප්‍රවෘත්ති ලියූ ලේඛකයන්ගෙන් ප්‍රශ්න කිරීමට සූදානම් වීම විහිළු සහගත මෙන් ම මාධ්‍ය නිදහසට එල්ල කරන බරපතළ ආකාරයේ තර්ජනයක් බවයි මාධ්‍ය සංවිධාන පෙන්වා දෙන්නේ.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ද මෙම සිද්ධිය සම්බන්ධ ව අදහස් පළ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
